මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කායික දුබලතා ඇති පුද්ගලයින්ට ප්‍රවාහන පහසුකම්

    අගෝස්තු 15, 2014
    ඌව පළාත් සභා මැතිවරණයේ සිය ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද මධ්‍යස්ථානය වෙත ගමන් කළ නොහැකි කායික දුබලතා ඇති පුද්ගලයින් වෙනුවෙන් ප්‍රවාහන පහසුකම් ඉල්ලුම් කළ හැකි බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කරයි.
     
    යම්කිසි කායික දුබලතාවක් නිසා යම් තැනැත්තෙකුට පයින් හෝ පොදු ප්‍රවාහන සේවා මගින් ඡන්ද මධ්‍යස්ථානය වෙත ගමන් කළ නොහැකි පුද්ගලයින්ට මේ සඳහා අයදුම් කළ හැකිය. ඒ සඳහා තමා විසින් හෝ ඒ වෙනුවෙන් වෙනත් අපේක්ෂකයෙකු නොවන වෙනත් අයෙකු විසින් ප්‍රදේශයේ තේරීම්භාර නිලධාරියා වෙත ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කරනු ලැබිය යුතුය.
     
    අයදුම්පත් ඡන්ද විමසීම පැවැත්වෙන දිනට දින හතකට පෙර ඉදිරිපත් කළ යුතු අතර අවශ්‍යතාව මත තේරීම්භාර නිලධාරී විසින් ප්‍රවාහන පහසුකම් ලබාගැනීම සඳහා අවසරපත්‍ර නිකුත් කරනු ලබයි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya