මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉරාකයේ ශ්‍රී ලාංකිකයන්ගේ ගැටලුව ඉරාක යුද්ධය නිසා ඇති වූවක් නො වේ

    අගෝස්තු 14, 2014

    ශ්‍රී ලාංකිකයන් 282ක් පමණ ඉරාකයේ කුර්දිස්තානයෙන් ඉතා දුර බැහැර ගුවන් තොටුපොළක සේවය සඳහා ගොස් සිටින බවත් එහි ඇති වූ අභ්‍යන්තර වෘත්තීය සමිති ගැටලුවක් නිසා මෙම පිරිස ප්‍රශ්නයකට මැදිව සිටින බවත් එය යුද්ධය නිසා සිදු වූවක් නොවන බවත් ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කරන ලදී.


    ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව ප්‍රකාශ කළේ අද (14) ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශයේ දී පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමිනි.


    ශ්‍රී ලංකා රජයේ මැදිහත්වීම තුළින් අදාළ ආයතන සමඟ සාකච්ඡා කර නැවත ඔවුන් සේවයට අනුයුක්ත කළ බවත් ඉන් 37 දෙනෙකු රැකියාව අතහැර ලංකාවට නැවත පැමිණීමට කැමැත්ත ප්‍රකාශ කළ බවත් අමාත්‍යවරයා පැවසීය.
     

    ඒ අනුව මේ වන විට 27 දෙනෙකු ලංකාවට ගෙන්වාගෙන ඇති බවත් මේ දෙදින තුළ ඉතිරි 10 දෙනා ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැහැදිලි කරන ලදී. (SDF)

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya