මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දැවැන්ත යුද්ධයකදී අප තරම් මානුෂීය වූ ජාතියක් තවත් නෑ Featured

    අගෝස්තු 14, 2014

    වසර තිහක්පුරා පැවති යුද්ධය තුළ අප තරම් මානූෂීය වූ ජාතියක් තවත් නැති ව ඇතැයි ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (14) පස්වරුවේ ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශයේ දී පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමිනි.


    ලක්ෂ තුනකට අධික ජනතාවක් මිනිස් පළිහක් ලෙස යොදා ගනිමින් ත්‍රස්තවාදීන් ඔවුන්ගේ ප්‍රචණ්ඩත්වය පිළිබිඹු කර ක්‍රියා කරද්දී ඒවා වැළැක්වීම සඳහා අප කටයුතු කළ බවත්, යම් යම් සුළු දේවල් අපෙන් ඒ අතරදි සිද්ධ වූවත් ඒවා ම්ලේච්ඡත්වය ලෙස හැඳින්වීම නිවැරදි නොවන බවත් අමාත්‍යවරයා එහිදී තවදුරටත් පෙන්වා දුන්නේය.


    මෙහිදී අමාත්‍යවරයා පැවසුවේ, මේ රටේ එකල දිනපතා මිනිසුන් දහස් ගණනක් මිය ගිය බවත්, ලෝකයේ රටවල් විශාල ප්‍රමාණයක් ලෝකයේ සිටින දරුණුම ත්‍රස්තවාදය ලෙස නම් කෙරූ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීම ම යුද ජයග්‍රහණයක් වන බව පෙන්වා දුන් අමාත්‍යවරා එය එ.ජා. මානවහිමිකම් කොමිසම මගින් ම්ලේච්ඡ  ක්‍රියාවක් ලෙස දක්වාලීම ම පුදුමයට කරුණක් බව ද පැවසීය.


    ECB

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya