මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර ප්‍රදර්ශන 3ක් අද ඇරඹේ - රටවල් 15කින් ප්‍රදර්ශකයින් 160ක් Featured

    අගෝස්තු 14, 2014

    ප්ලාස්ටික්, රබර් හා නිෂ්පාදන යන අංශ 3 තේමා කරගනිමින් ජාත්‍යන්තර ප්‍රදර්ශන 3ක එකතුවක් ලෙස ශ්‍රී ලංකා ප්ලාස්ටික්, රබ්එක්ස්පෝ සහ සිමෙක්ස් 2014 (Sri Lanka PLAST, RUBEXPO & SIMEX 2014) ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යන අමාත්‍යවරුන් හා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් වයි.කේ. සිංහා මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශන ශාලාවේදී අද (14) ආරම්භ විය.

     

    මෙම ප්‍රදර්ශනය සඳහා ඉන්දියාව,සෞදි අරාබිය, ශ්‍රී ලංකාව, සිංගප්පූරුව, චීනය, තායිවානය, ජපානය, ඉතාලිය, පිලිපීනය සහ මැලේසියාව ආදි රටවල් 15ක් නියෝජනය කරමින් ප්‍රදර්ශකයින් 160කට අධික පිරිසක් සහභාගී වේ. ව්‍යාපාරික අවස්ථාවන් බිහි කරමින් දේශීය අපනයන වෙළඳපොළ පුළුල් කිරීම අරමුණු කරගනිමින් මෙම ප්‍රදර්ශනය සංවිධානය කර ඇත.

     
    ප්‍රදර්ශනය විවෘත කරමින් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පසුගිය වසර කිහිපය තුළ රබර් හා ප්ලාස්ටික් අපනයනය ඉතා සීග්‍ර වර්ධනයක් ලබා ඇති බව පැවසීය. තව දුරටත් අදහස් දක්වමින් බදියුදීන් අමාත්‍යවරයා, “දළ දේශීය නිෂ්පාදනය ගණනයේදී රබර් හා ප්ලාස්ටික් කර්මාන්තයේ දායකත්වය ඉතා ඉහළයි. 2013 දී අපගේ ස්වාභාවික රබර් අපනයනය ඇ.ඩො. මිලියන 71.6ක් ද රබර් නිෂ්පාදන අපනයනය ඇ.ඩො. මිලියන 887ක් ද වෙනවා. එය 2012 වර්ෂයට වඩා 4%ක වර්ධනයක්. ප්ලාස්ටික් අපනයන 2012 දී ඇ.ඩො. මිලියන 57ක් වුවත් එය 2013 දී 5%ක වර්ධනයක් සිදු කරමින් ඇ.ඩො.මිලියන 60.11ක අපනයන ආදායමක් ලබා දුන්නා. මේ වසරේදී අප දළ දේශීය නිෂ්පාදනයේ 7.8%ක වර්ධනයක් බලාපොරොත්තු වන අතර රබර් හා ප්ලාස්ටික් කර්මාන්තවලින් ඒ සඳහා විශාල දායකත්වයක් තවදුරටත් බලාපොරොත්තු වෙනවා” යැයි පැවසීය.
     

    අනිද්දායින් (16දා) අවසන් වන මෙම ප්‍රදර්ශනය පෙ.ව.10.00. සිට ප.ව. 6.00 දක්වා මහජනතාවට නොමිලේ නැරඹිය හැකි වේ. 

     

    Sri Lanka PLAST RUBEXPO  SIMEX 2014 1

     

    Sri Lanka PLAST RUBEXPO  SIMEX 2014 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya