මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිර්මල බුදු දහම මේ ලොව පවතින තුරාවට මිනිසුන් තුළ භේදයක් ඇතිකිරීමට ඉඩ තියන්නේ නෑ Featured

    අගෝස්තු 13, 2014

    නිර්මල බුදු දහම මේ ලොව පවතින තුරාවට මිනිසුන් තුළ භේදයක් ඇති කිරීමට ඉඩ නොතබන බව සමාජ සේවා අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා ජා ඇළ තුඩැල්ල හිදී පවත්වන ලද රට රකින නිල්පවුර ආසන නියෝජිත සම්මේලනයට එක් වෙමිනි.


    එහිදී ජා ඇළ සංවිධායක වන අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ, “ජා ඇළ කියන්නේ 1947 සොල්බරි ව්‍යවස්ථාවේ සිට ම පැවතෙන මැතිවරණ ආසනයක්, එවක සිට ම එක්සත් ජාතික පක්ෂයේ බලකොටුවක් වෙලා තිබුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයින්ටත් දේපළවලටත් හිරි හැර කළ කාලයක්. දූෂිත භීෂණ වසර ගණනාවකට පස්සේ 1988 පළමු පළාත් සභා ඡන්දයෙන් අපි ජයග්‍රහණය කරලා පෙන්නුවා මනුස්සකම. එක්සත් ජාතික පක්ෂයේ එක මනුස්සයකුටවත් හිරි හැරයක් කරදරයක් වෙන්න දෙන්නේ නැතුව ඔවුන් ආරක්ෂා කළා. එදා දුන්න ආදර්ශය නිසා එජාප පාක්ෂිකයින් අපේ පාක්ෂකයින් සමඟ අත්වැල් බැඳගත්තා. එදා ගත්ත පන්නරය අදත් නොසැලී සිටිනවා. හොඳම සාක්ෂිය තමයි මේ රැස්වෙලා සිටින හය දහසකට අධික ක්‍රියාකාරී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයින්.

    මේ ජනතා ශක්තිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් වර්තමානයේ ගෙන යන සංවර්ධන වැඩපිළිවළට සහයෝගය දීලා ගම්පහ දිස්ත්‍රික්කයේ ජා ඇළ ආසනය ශක්තිමත් ආසනයක් බවට අද පත්කරලා තියෙනවා. ආගමික භේද ඇති කරලා දේශපාලන බල තණ්හාවේ වියරුවෙන් අධිරාජ්‍යවාදීන් සමඟ එකතුවෙලා රටේ අස්ථාවරභාවය ඇතිකරන්න බලන් ඉන්න උන්මන්තකයෝ මෙහෙත් ඉන්නවා. ආගම් කුල භේද අපේ ආසනය තුළ නෑ. මම ක්‍රිස්තියානි භක්තියකු වුවත් නිර්මල බුදු දහම මේ ලොව පවතින තුරාවට මිනිසුන් තුළ භේදයක් ඇති කිරීමට ඉඩ තියන්නේ  නැතැ“යි සමාජ සේවා අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතා පවසන ලදී.

    එහිදී තව දුරටත් අදහස් දැක් වූ අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතා පැවසුවේ, අපේ රටට සොබා දහමින් නිල් පවුරක් තිබෙනවා. ඒ නිල් පවුර තමයි රට වටා ඇති මහා සයුර, අපි land lock country එකක් නො වේ. එජාප ආණ්ඩුවට මේ මහා සයුරවත් රැකගන්න බැරිවුණා. කොටි 2/3ක් මහ සයුර අල්ලා ගත්තා. මහින්ද රාජපක්ෂ මැතිතුමා තමා මහ සයුර ශ්‍රී ලාංකික ජනතාවට භුක්ති විඳීමට නැවත නිදහස් කර දුන්නේ. ඒ නිසා අද ජනාධිපති තුමාගේ මගපෙන්වීමෙන් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා මුල් වෙලා හම්බන්තොට ජාත්‍යන්තර වරායක්  නිර්මාණය කර තියෙනවා. මේවා භුක්ති විඳින්නේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ පමණක් නො වේ, පොදුවේ ශ්‍රී ලාංකික ජනතාව, අපි ආඩම්බර විය යුතු නොවේද? දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රට පුරා සැරිසරනවා. අපි ජනතාවට පණිවිඩයක් ගෙනියනවා ඒක තමයි අපේ මව්බිම සුරැකීමට නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කර ගත යුතුයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කර ගැනීම රටට ආදරය කරන හැමෝගෙම වගකීමක්, යුතුකමක්.”


    මේ අවස්ථාව සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ , නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි සහ වරාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන යන අමාත්‍යවරුද ජා ඇළ පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු සහ වැඩබලන නගරාධිපතිවරයාද එක්ව සිටියහ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya