මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඩුබායිහි දී සිය දිවි නසාගත් කාන්තාව සම්බන්ධයෙන් අනුරාධපුර ඇති වු සිද්ධිය පදනම් විරහිතයි Featured

    අගෝස්තු 13, 2014
    ඩුබායි හි දී සිය දිවි නසාගත් සෝමලතා නම් සේවිකාව සම්බන්ධයෙන්, එම දේහය ගෙන්වා ගැනීමට වූ ප‍්‍රමාදය පිළිබඳව ඇයගේ පවුලේ ඥාතීන් ඊයේ (12) අනුරාධපුරයේදී රැකියා නියෝජිතායතනය ඉදිරිපිට පැවති විරෝධතාවයේ දී ශී‍්‍ර ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට එල්ල කළ චෝදනා සම්පූර්ණයෙන් ම පදනම් විරහිත බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප‍්‍රකාශ කරයි. 
     
    මෙම සියදිවි නසාගැනීමට සම්බන්ධව තොරතුරු ලබාදීම සඳහා එම කාන්තාවගේ පවුලේ ඥාතීන්ට කාර්යාංශයට පැමිණෙන ලෙස මීට පෙර දන්වා යැවීමෙන් පසු අනුරාධපුර කාර්යාලයට පැමිණි ඔවුන්ගෙන් තොරතුරු ලබාගැනීමෙන් අනතුරුව විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයට යොමු කරන ලදී.
     
    විදේශ කටයුතු අමාත්‍යංශයේදී ඔවුන් මෙම සේවිකාවගේ මරණය සැක සහිත බවත්, එයට පරීක්ෂණයක් කරන ලෙසත් ඉල්ලා තිබේ. විදේශයකදී සිදු වු මරණයක් සම්බන්ධයෙන් සැක ඇති වූ අවස්ථාවලදි ඊට අදාළ පරීක්ෂණ අවසන් වනතුරු දේහය ලංකාවට ගෙන්වා ගැනීම ප‍්‍රමාද වේ. එසේ තිබිය දී දේහය ගෙන්වා ගැනීමට ප‍්‍රමාද වූ බව පවසා පවුලේ ඥාතීන් විසින් කාර්යාංශයට හා විදේශ කටයුතු අමාත්‍යංශයට එල්ල කරන චෝදනා පදනම් විරහිත බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් අවධාරණය කරයි.
     
    එබැවින් මෙවැනි අවස්ථාවකදී අදාළ පරීක්ෂණ අවසන්වන තුරු දේහය ගෙන්වා ගැනීමට නොහැකි වන අතර, පරීක්ෂණ කටයුතු අවසන් වීමෙන් අනතුරුව දේහය ලංකාවට ගෙන්වා ගැනීමට කඩිනමින් කටයුතු යොදන බවද කාර්යාංශය සඳහන් කරයි. 
     
    මෙම සියදිවි නසාගැනීමට පදනම් වූ හේතුව පිළිබඳ ව පවුලේ ඥාතීන්ට විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් අංශයෙන් විමසා දැනගත හැකි බවද කාර්යාංශය සඳහන් කරයි. එසේම එම දේහය සම්බන්ධ පරීක්ෂණ අවසන් වීමෙන් අනතුරු ව කඩිනමින් ශී‍්‍ර ලංකාවට ගෙන්වා ගැනීම උපරිම සහය කාර්යාංශයෙන් ලබාදෙන බවද සඳහන් කරයි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya