මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෙවන වතාවටත් කිලිනොච්චි තරුණියන් 26 දෙනෙකු හමුදා සේවයට Featured

    අගෝස්තු 13, 2014

    කිලිනොච්චි ප්‍රදේශයේ වෙසෙන දමිළ තරුණියන්ගෙන් තෝරාගත් තරුණියන් 26 දෙනෙක් පුරා මාස 04ක යුධ හමුදා පුහුණුවක් ලබා පසුගියදා යුධ හමුදා ආධුනික කාන්තා සෙබළියන් ලෙස 9 වන ශ්‍රී ලංකා සංඥා බලකා හමුදා කඳවුරු භූමියේදී විසිර ගියහ.   

     

    ජාතික එකඟතාව වැඩි දියුණු කිරීම සඳහා ආරක‍්ෂක අමාත්‍යංශයේ ගෝඨාභය රාජපක‍්ෂ මහතාගේ හා යුධ හමුදාපති ලුතිතන් ජනරාල් දයා රත්නායක මහතාගේ සංකල්පයකට අනුව කිළිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ යන අයගේ පුර්ණ අධීක‍්ෂණය යටතේ මේ තරුණියන් බඳවාගෙන පුහුණු කරනු ලැබීය.


    පුහුණු කාලසීමාව තුළ දි යුධ හමුදා පුහුණුවට අමතරව ඉංග්‍රීසි/සිංහල භාෂා දැනුම ද පරිගනක ක්‍රියාකරවීමේ හැකියාවද, ස්වයං රැකියා (මල් සැරසිලි/ කෙක් සැරසිලි/ ගෙතුම් වර්ග සහ රුපලාවන්‍ය) ආදි කටයුතු පිළිබඳව දැනුමද පරිපූර්ණ කර ඇත.


    මෙම විසිර යෑමේ උත්සවයට සමගාමීව නවක සෙබළියන් 4 දෙනෙකු වෙත රුපියල් ලක‍්ෂ 2ක් වටිනා නවීන ස්කූටර් වර්ගයේ යතුරුපැදි බෙදාදීම කිළිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා අතින් සිදුවිය. ඉදිරි කාලයේ දි මෙම සෙබළියන් යුධ හමුදාවේ ලිපිකාරිනියන් සහ මෙම ප්‍රදේශය තුළ සිවිල් සම්බන්ධීකරණ කටයුතු සඳහා යොදා ගැනීමට කටයුතු සලසා ඇත.
        

    දමිළ කාන්තා පාඨමාලා අංක 2 හි සෑම අතින්ම අතිශූර සෙබළියට හිමි පළඳනාව දිනාගනු ලැබුවේ සෙ/796649 ආධුනික කාන්තා සෙබළ එම්. සාන්ධස්ව රූබිණි විසිනි.


    පාඨමාලාවේ දක‍්ෂතම ශාරීරික යෝග්‍යතාවෙන් පිරි සෙබළිය ලෙසින් ත්‍යාගය දිනා ගනු ලැබුවේ සෙ/79946 ආධුනික කාන්තා සෙබළ එම්. එස්. රූබිණි විසිනි.


    පාඨමාලාවේ දක‍්ෂතම ඛණ්ඩභාර නිලධාරිනිය ලෙස  නි/8349 ලුතිතන් පී.පී. ප්‍රනාන්දු ත්‍යාග ලබාගන්නා ලදි.


    පාඨමාලාවේ දක‍්ෂතම ඛණ්ඩභාර සැරයන්ට හිමි ත්‍යාගය සෙ/6ආර්00103 සැරයන් ඒ.ජී.එන්.පී. අලුත්ගෙදර විසින් හිමිකරගෙන ඇත.


    පාඨමාලාවේ දක‍්ෂතම පෙළ අණදෙන්නිය ලෙසින් ත්‍යාගය හිමිකර ගනු ලැබුවේ සෙ/6ආර්00125 ලාන්ස් කෝප්‍රල් ඩබ්.ඩබ්.ජී. සමන්මලී විසින්ය.


    මෙම උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස කිලිනොච්චි දිසාපති රූපාවතී කේතිශ්වරන් මහත්මිය සමග මූල ආඥාපතිතුමන් සහභාගි වූ අතර කිලිනොචිචි  හමුදා නිලධාරින් ද සෙසු නිලයින්ද විසිර යන සෙබළියන්ගේ දෙමාපියන් හා ප්‍රදේශයේ විශාල පිරිසක් සහභාගි වූහ.

     

    Kilinochchi Tamil Girls Army Pass Out

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya