මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අග්‍රාමාත්‍යතුමා කොරියාවේ ප්‍රධාන විහාරස්ථානයේ ආගමික කටයුතුවල

    අගෝස්තු 13, 2014

    දකුණු කොරියාවේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා එරට පිහිටි විශාලතම බෞද්ධ විහාරස්ථානයේ නිරීක්ෂණයක නිරත විය.

    සෝල් අගනුවර දකුණු ප්‍රදේශයේ පිහිටි Jogye බෞද්ධ විහාරයට සඳුදා (11) පැමිණි අග්‍රාමාත්‍යතුමා එහිදී ආගමික වතාවත්වල ද නිරත විය.කොරියාවේ පිහිටි විශාලත ම බෞද්ධ විහාරස්ථානය වන මෙහි ශ්‍රී ලංකාවෙන් වැඩම කරවන ලද සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කොට සත්මහල් ස්තූපයක් ද ඉදි කොට තිබේ. මහායාන බුදු දහමට මුල් තැන දෙමින් මෙම විහාරස්ථානයේ  ආගමික කටයුතු සහ සමාජ සුභසාධන කටයුතු ද සිදුකෙරේ.

    ජෝගියේ බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කැන්ග් සෑ යුම් හිමිපාණන් වහන්සේ (Ven. Kang Sae Um) විසින් අග්‍රාමාත්‍යතුමා ප්‍රමූඛ ශ්‍රී ලංකාවේ සිට පැමිණි දූත පිරිස ආගමික වතාවත්වල නිරත කරවනු ලැබීය. අනතුරු ව විහාරාධිපති හිමිපාණන් වහන්සේ අග්‍රාමාත්‍යතුමා වෙත ත්‍රිපිටක ධර්මය සහිත ග්‍රන්ථ හා බෞද්ධ සංකේත කිහිපයක් ද පිළිගැන්වූහ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya