නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවි නැගුම සාර්ථක වීමට ලද සහය අගය කළ යුතුයි Featured

    අගෝස්තු 13, 2014
    දිවි නැගුම ව්‍යාපාරය සාර්ථක වීම සඳහා රජ්‍ය හා පුද්ගලික අංශයෙන් ලද සහය අගය කළ යුතු බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය. 
     
    අමාත්‍යවරයා අවධාරණය කළේ  රජයේ අමාත්‍යංශ දෙපාර්තමේන්තු මෙන් ම පුද්ගලික අංශයේ ආයතනවලින් ලද සහය මේ සඳහා හේතු වී ඇති බවයි. මෙහි දි  වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා ස්වයං රැකියාලාභීන් ලෙස ගොඩනැඟෙන පිරිස ප්‍රමාණාත්මකව වැඩිවීමත්, ඒ සමඟ ම ඔවුන්ගෙන් ආර්ථිකයට ලැබෙන දායකත්වය ඉහළ යාම හේතුවෙන් දිවි නැගුම ව්‍යාපාරයේ අරමුණු ඵල දරමින් තිබෙන බව ද පැවසීය. 
     
    අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ දිවි නැගුම ව්‍යාපාරය යටතේ ස්වයං රැකියාලාභීන් සඳහා උපකරණ ලබා දීම වෙනුවෙන්, ගම්පහ රන් අරුණ කාර්යාලයේ දී පසුගිය දා පැවති උත්සවයට සහභාගි වෙමිනි. 
     
    ලිය අභිමන් සංවිධානයේ මෙහෙයවීම මත වෘත්තීය පුහුණු අධිකාරිය මගින් පුහුණුව ලබාදුන් ස්වයංරැකියා ලාභීන් 188 දෙනෙකු සඳහා උපකරණ ලබා දීම මෙහි දී සිදු කෙරිණි.‍‍ 
     
    බේකරි නිෂ්පාදන,  රූපලාවන්‍ය, කොණ්ඩා කැපීම, රස කැවිලි නිෂ්පාදන, මැහුම් පාඨමාලා හා ගෙවතු වගාවන් සඳහා විසිතුරු මල් පැළ ලබා දීම මෙහි දී සිදු කෙරිණි. 
     
    මෙම ස්වයං රැකියාලාභීන් සඳහා වෘත්තිය පුහුණු අධිකාරියෙන් මාස තුනක පුහුණුවක් ලබා දී ඇත. 
     
    මෙම උත්සව අවස්ථාව සඳහා නියෝජ්‍ය අමාත්‍ය පණ්ඩු බණ්ඩාරනායක, පාර්ලිමේන්තු මන්ත්‍රිනී සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, ගම්පහ දිස්ත්‍රික් ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා හා දිවි නැගුම අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ජයතිලක හේරත් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරිහු පිරිසක් සහභාගි වූහ.
     
    DB
     
    MP BR LIYA ABIMAN 1
     
     
    MP BR LIYA ABIMAN 2
     
    MP BR LIYA ABIMAN 3
     
    MP BR LIYA ABIMAN 4

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya