මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇමරිකා එක්සත් ජනපදයේ ප‍්‍රකාශය සත්‍යයෙන් තොරයි - විදේශ කටයුතු අමාත්‍යාංශය Featured

    අගෝස්තු 13, 2014

    ශී‍්‍ර ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයට, එහි නිලධාරීන්ට, ඇමරිකානු පුරවැසියන්ට එරෙහි ව විරෝධතාවක් හෝ පෙළපාළියක් ශී‍්‍ර ලංකාව තුළ නොපැවැත්වුණු බව ප‍්‍රකාශ කරන විදේශ කටයුතු අමාත්‍යාංශය එවැනි දේ සිදු විය හැකි බව සඳහන් කරමින් ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව සිය ආරක්ෂාව ගැන සැක පළ කරමින් නිකුත් කර නිවේදනයේ කිසිදු සත්‍යතාවක් නොමැති බව අවධාරණය කරයි.


    ශී‍්‍ර ලංකාවේ පවතින යථා තත්ත්වයට ප‍්‍රතිවරුද්ධව, අන්තරායකාරී වටපිටාවක් ඇති බව සඳහන් කරමින් ඇමරිකා එක්සත් ජනපදයේ තානාපති කාර්යාලය නිකුත් කර ඇති එම නිවේදනය දැඩි අවධානයට ලක් කරන බව ද ශී‍්‍ර ලංකාව දන්වා සිටී.


    එම නිවේදනයේ තවදුරටත් මෙසේ සඳහන් වේ.


    අදහස් ප‍්‍රකාශ කිරීමටත්, සාමකාමී විරෝධතා දැක්වීමටත් ඇති නිදහස ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ වැදගත් අංගයක් වන අතර මෙහිදී ශී‍්‍ර ලංකාව මේ වැසියන් කර ඇත්තේ රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන්ද තහවුරු කර ඇති නිදහස නිසි ලෙස භුක්ති විඳීම පමණක් බවද වැඩිදුරටත් සඳහන් කරයි.


    ගාසා තීරයේ දැනට පවතින තත්ත්වය පිළිබඳ 2014.08.08 දින ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය ඉදිරිපිට පැවැත් වූ විරෝධතාව සංවිධානය කරන ලද්දේ විරුද්ධ පක්ෂවලට අයත් දේශපාලන පක්ෂ විසිනි. එයද සාමකාමී උද්ඝෝෂණයක් විය. ඇමරිකා එක්සත් ජනපද තානාපති කර්යාලයද මෙම විරුද්ධ දේශපාලන පක්ෂ සමඟ සබඳතා පවත්වන්නේය.


    බටහිර දේශයන්ට එරෙහි ආකල්පයක් ශී‍්‍ර ලංකාව තුළ ඇතැයි යන ඇමරිකානු මතයට හේතුව පැහැදිලි නැත. මෙහිලා ඇමෙරිකානු බලධාරීන් කළ යුතු වන්නේ එවැනි විරෝධතවන්ට මූලික හේතුන් විමසා බලා ද්විපාක්ෂික සබඳතා නිවැරදි කිරීමට කටයුතු යෙදීමයි.


    විදේශීය රාජ්‍ය තාන්ති‍්‍රක නිලධාරීන්ගේ ආරක්ෂාවට නිරතුරුවම ශී‍්‍ර ලංකාව ප‍්‍රමුඛත්වය දී ඇත. ඇමරිකානු වැසියන් විශාල සංඛ්‍යාවක් මෙහි නිරතුරුවම පැමිණෙති. ඔවුනට මෙතෙක් කිසිදු අභියෝගයක් එල්ල වී නැත. ශී‍්‍ර ලංකා රජය නීතිය හා සාමය රැකීමට මේ තානාපති නිලධාරීන් පමණක් නො ව සියලුම වැසියන්ගේ ආරක්ෂාව සහතික කිරීමටත් ඇප කැප වී සිටින බවද විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සනාථ කරයි. (HC/priu)

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya