මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බස්නාහිර පළාත තුළ ඩෙංගු රෝගය 60% ඉක්මවනවා

    අගෝස්තු 12, 2014

    බස්නාහිර පළාත තුළ ඩෙංගු රෝගය 60% ඉක්මවන බවත් ඉන් කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ විශාල වශයෙන් පැතිර පවතින බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.


    අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව පැවසුවේ ඊයේ (11) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකදීය.


    අතිගරු ජනාධිපතිතුමා රැස්වීමක් පවත්වා ඩෙංගු මර්දන කාර්ය සාධක බලකාය මඟින් විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා ඇත. ඒ අනුව පසුගිය ජූනි 20 දින සිට බස්නාහිර පළාත තුළ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති අතර ඒ සඳහා පොලිසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව හා කොළඹ නගර සභාවේ සහය ලබා ගෙන ඇතැයි ඔහු පැවසීය.


    මෙහිදී ලක්ෂ 4කට වඩා නිවාස පරීක්ෂාව පසුගිය මාස 02 තුළ සිදු කර ඇත. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හරහා ජනතාව දැනුවත් කිරීම, ශ්‍රමදාන පැවැත්වීම හා නෛතික රාමුව යටතේ රතු නිවේදන හා නඩු පැවරීම් 2000කට වැඩි ප්‍රමාණයක් සිදු කර ඇත. ඉදිරියටත් මේවා ක්‍රියාත්මක කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය නිවාස පරීක්ෂා කිරීම් සිදු කරන අතර මේ වන විට අදාළ වැඩසටහන් හේතුවෙන් ඩෙංගු පැතිරයාම අවම මට්ටමකට පත්ව ඇත. යමෙකුට උණ ඇත්නම් එය දින 02කට වැඩි නම් ප්‍රතිකාර ගැනීම සඳහා රජයේ රෝහලක් වෙත යන ලෙසත් නිවෙස් අවට පිරිසිදුව තබා ගැනීමට හැම විටම කටයුතු කරන ලෙසත් වෛද්‍ය මහීපාල මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya