මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    STC නව ප්‍රදර්ශනාගාරය පංචිකාවත්තේ විවෘත වෙයි

    අගෝස්තු 12, 2014

    රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ පංචිකාවත්ත නව ප්‍රදර්ශනාගාරය අද (12) පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා හා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ සභාපති ප්‍රදීප් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණ.


    නො.214, ශ්‍රීමත් බණ්ඩාරනායක මාවත, කොළඹ 12හි පිහිටා ඇති මෙම නව ප්‍රදර්ශනාගාරය බල උපකරණ (Power Tools), අත් ආයුධ (Hand Tools) හා වතුර පොම්ප (Water Pump) සඳහාම වේ. මේ සියලුම උපකරණ එකම ස්ථානයකින් ලබා ගැනීමේ අවස්ථාව මෙන්ම ඒවා සඳහා වැඩි ඉල්ලුමක් හා වැඩි අලෙවියක් පවතින පංචිකාවත්ත ප්‍රදේශයෙහි මෙම නව ප්‍රදර්ශනාගාරය ඇරඹීම පාරිභෝගිකයාට පහසුවක් වෙයි.


    මෙහිදී අදහස් දැක්වූ තිලංග සුමතිපාල මහතා පවසා සිටියේ STC ආයතනය පසුගිය කාලසීමාව තුළ තිබූ තත්ත්වය හා වර්තමානයේ නව ප්‍රතිරූපයත් සමඟ ඉතා විශාල ප්‍රගතියක් ලබා තිබෙන බවයි. මුල් කාලය තුළ STC ආයතනය රාජ්‍ය සේවය තුළ ඉහළින්ම සිටි ආයතනයක් වුවත් විවෘත ආර්ථිකයේ තිබූ තරගකාරීත්වයත් සමඟ එය කඩාවැටුණේය. නමුත් මහින්ද චින්තන වැඩපිළිවෙළ යටතේ රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව හා රාජ්‍ය අංශය ශක්තිමත් කරලීමට ගත් පියවරක් ලෙස STC ආයතනයේ නව කළමනාකාරීත්වයත් සමඟ අද වන විට මෙම ආයතනය ශ්‍රී ලංකාවේ ලාභ ලබන ආයතන අතර ප්‍රමුඛස්ථානයට පැමිණ තිබෙන බව ද ඒ මහතා පැවසීය. දේශීය ආර්ථිකය ගොඩනගන අතර විවෘත ආර්ථිකයට ද නිරාවරණය වෙමින් වත්මන් රජය අනුගමනය කරන මැද මාවතේ ආර්ථික ප්‍රතිපත්තිය තුළ STC ආයතනයේ සභාපතිවරයා රජයෙන් සියලු ප්‍රතිපාදන අපේක්ෂා නොකර මෙවැනි ස්ථාවරයකට පැමිණීම අගය කළ යුතු බවද සුමතිපාල මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.


    එසේම මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ සභාපති ප්‍රදීප් ගුණවර්ධන මහතා පවසා සිටියේ Power Tools හා Hand Tools සඳහා STC ආයතනය මුල් කාලයේදී තත්ත්වයෙන් උසස් වෙළෙඳ නාමයක් දරා සිටියත් පසුගිය රජයන්ගේ කාලසීමාව තුළ එය කඩා වැටුණු බවයි. නමුත් අද වන විට එම තත්ත්වය යළි නගාසිටුවමින් STC ආයතනය සතු වූ කීර්තිමත් නාමය හා වගකීම මේ වන විට නැවතත් පෙරටත් වඩා හොඳින් ප්‍රතිනිර්මාණය කිරීමට පියවර ගෙන ඇති බව ද සභාපතිවරයා මෙහිදී පැවසීය.


    එස්.ටී.සී. ආයතනයේ ප්‍රදර්ශනාගාර මේ වන විට කොළඹ නවම් මාවත, නුවර, කුරුණෑගල, යාපනය හා අනුරාධපුර යන දිස්ත්‍රික්කයන්හි එස්.ටී.සී. ආයතනයේ ප්‍රදර්ශනාගාර පැවැත්වෙන අතර ඉදිරියේදී නව ප්‍රදර්ශනාගාර මාතර හා නාරාහේන්පිට දී විවෘත වීමට නියමිතය. එස්.ටී.සී. ආයතනය මඟින් රාජ්‍ය සේවකයන් සඳහා විශේෂ වාසි රැසක් ක්‍රියාත්මක කෙරෙන අතර මේ සෑම ප්‍රදර්ශනාගාරයකින්ම භාණ්ඩ ඉතා සහනදායී මිලට ලබා ගැනීමේ හැකියාව පාරිභෝගිකයාට හිමිවේ.


    බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති රෝහණ කුලසිරි මහතා, ආරියරත්න ට්‍රේඩ් සෙන්ටර් අධිපති එම්.ඩී.එල්. ආරියරත්න මහතා, රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ එස්.ඒ.සී. කුලතිලක මෙනවිය, සාමාන්‍යාධිකාරී කේ.ජී.එස්.පී. විජේරත්න මහතා ඇතුළු සංස්ථා කාර්යමණ්ඩලය හා අමුත්තන් මෙම අවස්ථාවට එක් ව සිටියහ.

     

    ECB/SW_cmu

    stc panchikawatte showroom

    stc panchikawatte showroom 2

    stc panchikawatte showroom 1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya