මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැලිසර නාවික නිවාස සංකීර්ණයට මුල්ගල් තැබේ Featured

    අගෝස්තු 12, 2014
    නාවික හමුදා නිලධාරීන්ගේ නිවාස සංකීර්ණය සඳහා මුල්ගල් තැබීම ඊයේ (11) නාවික හමුදාපති ජයන්ත පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිසර ශ්‍රී ලංකා නාවික හමුදා කඳවුරු පරිශ්‍රයේ දී සිදු කෙරිණි.
     
    මෙම නිවාස සංකීර්ණය දිගු කලක් තිස්සේ අවශ්‍යතාවක් ව පැවැතුණකි. සිව් මහල් ගොඩනැගිලි 05කින් සමන්විත වන ආකාරයෙන් මෙම නිවාස සංකීර්ණය ඉදි කෙරේ.
     
    සෑම ගොඩනැගිල්ලක ම විවාහක පවුල් 16 බැගින් පදිංචි විය හැකි අතර ගොඩනැගිලි දෙකක් ජ්‍යේෂ්ඨ නිලධාරීන් සඳහා ද සෙසු ගොඩනැගිලි කනිෂ්ඨ නිලධාරීන් සඳහා ද වෙන් කෙරෙනු ඇත.
     
    මෙම අවස්ථාවට නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් රවී විජේගුණරත්න, බටහිර නාවික කලාපයේ අණදෙන නිලධාරී රියර් අද්මිරාල් දයානන්ද නානායක්කාර හා නාවික හමුදා මුලස්ථානයේ ජ්‍යේෂ්ඨ නාවික නිලධාරීහු මෙම අවස්ථාවට එක් වූහ. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya