මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2014 ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රය ඉතා විශිෂ්ට බව විද්වතුන් පෙන්වා දෙනවා

    අගෝස්තු 12, 2014
    2014 වර්ෂයේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රය මෑතකාලීව සකස් කළ විශිෂ්ට ප්‍රශ්න පත්‍රයක් බව විද්වතුන් පෙන්වා දෙන බවත් පෞද්ගලික න්‍යාය පත්‍ර අනුව අතිමහත් දරුවන්ගේ ජීවිතවලට හානියක් සිදු වන ක්‍රියාවන් කිරීමට ඉඩක් නැති බවත් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමා පැවසීය.
     
    අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ආගමික උපදේශක මණ්ඩල පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
     
    විභාග පනතේ විධිවිධාන අනුව අමාත්‍යවරයාට විභාග බලතල ප්‍රමාණයක් නියම කර තිබෙන අතර උත්තරීතර පාර්ලිමේන්තුව විසින් සම්මත කළ බලතල ප්‍රකාරව විභාග කොසාරිස් ජනරාල්වරයාට පැවරී ඇති විශේෂ බලය ස්වකීය අභිමතය පරිදි විභාග කටයුතු සඳහා යොදා ගත හැකිය. රජයේ විගණකාධිපති, විභාග කොමසාරිස් හා මැතිවරණ කොමසාරිස්ගේ බලතල සාමාන්‍ය කොමසාරිස්වරයෙකුට නොවන ආකාරයේ ස්වකීය පරම අභිමතය මත කටයුතු කිරීමේ බලය මහජනතාව විසින් පාර්ලිමේන්තුව මඟින් පවරා දී තිබෙනවා. එහිදී ගුරු සංගම් හෝ දේශපාලකයන්, වෙනත් කණ්ඩායම් උපදෙස් දීමට යන්නේ නම් එය රටේ මූලික නීතියට කරන බලපෑමක් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. 
     
    අමාත්‍යතුමා ප්‍රකාශ කළේ මහින්ද චින්තන ඉදිරි දැක්ම අනුව සියලු ජාතින්ට බියෙන් සැකෙන් තොරව ජීවනෝපාය සකසා ගනිමින් ජීවත්වීමේ අයිතිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ලබාදී තිබෙන බවය.
     
    සියලු ආගම්වල අන්තවාදී අදහස් දරන සුළුතරයක් සිටිනවා. ආගමික, ජාතික වෛරය සමාජය තුළට ඇතුළත් කරවා සදාතනික ලේ ගලන දේශයක් බවට මේ රට පත්වීමට ඉඩ නොතබා ඒ සඳහා සියලුදෙනා එක්ව මහජනතාවගේ යහපත වෙනුවෙන් කටයුතු කළ යුතු බව පෙන්වා දුන් අමාත්‍යවරයා සාකච්ඡා, සම්මන්ත්‍රණ පවත්වමින් ගැටලු ඇති තැන් විසඳමින් දේශපාලන න්‍යාය පත්‍රයක් නොමැති ව කටයුතු කළ හැකි බව ද සඳහන් කළේය.
     
    ඒ ඒ ආගමික උත්සව පැවැත්වෙන අවස්ථාවන්වල සියලු ආගම් නියෝජනය වන ආකාරයෙන් පාසල් සිසුන් සහභාගිවන වැඩසටහන් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට මෙම උපදේශක මණ්ඩලය මඟින් අවස්ථාව ලැබෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. 
     
    ජනාධිපති ආගමික කටයුතු උපදේශක පූජ්‍ය ඕමාරේ කස්සප නායක ස්වාමීන්වහන්සේ, හින්දු ආගම වෙනුවෙන් දර්ශන් චෛතන්‍යා ස්වාමි, ඉස්ලාම් ආගම වෙනුවෙන් ඉස්ලාම් ආගම පිළිබඳ ජනාධිපති සම්බන්ධීකරණ නිලධාරී ආචාර්ය හසන් මවුලානා මවුලවි, කතෝලික ආගම වෙනුවෙන් ජාතික කතෝලික පාසල් අධ්‍යක්ෂ අයිවන් පෙරේරා පියතුමා ඇතුළු ආගමික පූජකවරු ද මෙහිදී අදහස් දැක්වූහ.
     
    DB
     
    NEW APP EDU 1
     
     
    NEW APP EDU 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya