මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දංකුඩ පෙතියා මසුන් දෙහිවල දී අභිජනනය කෙරේ Featured

    අගෝස්තු 12, 2014
    ශ්‍රී ලංකාවට ආවේණික මත්ස්‍ය විශේෂයක් මෙන්ම වඳවීමේ තර්ජනයට ලක් ව ඇති දංකුඩපෙතියා ( Dawkinsia Srilankensis ) මසුන් අභිජනනය කොට සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතියක් දෙහිවල සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව ආරම්භ කර තිබේ.
     
    සත්වෝද්‍යානයේ මත්ස්‍යාගාරයේදී මෙම අභිජනන ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවේ.
     
    දංකුඩපෙතියා ශ්‍රී ලංකාවට ආවේණික මත්ස්‍ය විශේෂයක් වන අතර රතු දත්ත වාර්තාවට අනුව අතිශය තර්ජනයට ලක් වූ මත්ස්‍ය විශේෂයක් බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.
     
    වැඩිහිටි දංකුඩපෙතියන් අනෙකුත් Dawkinsia ගෝත්‍රයට අයත් මසුන්ගෙන් වෙන්කර හඳුනාගන්නේ ප්‍රමුඛව දක්නට ඇති කළු පැහැති සිරස් රේඛාවලිනි. මෙම සිරස් රේඛා ශරීරයේ ඉදිරියේ සිට පිටුපස දක්වා පිහිටා ඇත. පරිණත වූ පිරිමි මත්ස්‍යයන්ගේ පෘෂ්ඨිය වරලේ පැහැදිලිව පිටතට විහිදුණු කිරණ දක්නට ඇත. සෑම කොරලයකම  රතු හෝ තැඹිලි පැහැයෙන් මායිම් වෙයි. මෙම මසුන් විශේෂය 9cm – 10cm දක්වා වර්ධනය වෙයි.
     
    දංකුඩපෙතියා නකල්ස් කඳුකරයේ නැඟෙනහිර බෑවුම් ප්‍රදේශයේ සීමිත ව්‍යාප්තියක් පෙන්වයි. රතු දත්ත වාර්තාවලට අනුව මෙම මසුන් අතිශය වඳවීමේ තර්ජනයට ලක් වූ විශේෂයක් ලෙස හඳුනාගෙන ඇත. මෙයට ප්‍රධාන හේතුව මසුන්ගේ සීමිත ව්‍යාප්තිය බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.
     
    දංකුඩපෙතියාට වන තර්ජනය හඳුනාගත් සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව, මෙම මත්ස්‍ය විශේෂය සත්වෝද්‍යානය තුළ අභිජනනය කර සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කළේය. මේ වනවිට මෙම මසුන් ඉතා සාර්ථකව අභිජනනය වී ඇති අතර  මත්ස්‍ය පැටවුන් දහසකට අධික ප්‍රමාණයක් බෝ කර ගැනීමට හැකි වී ඇතැයි සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.
     
    පර්යේෂණ හා තොරතුරු එක්රැස් කිරීමෙන් අනතුරුව ස්වාභාවික ආරක්ෂිත පරිසරයකට මෙම මසුන් නිදහස් කිරීමට ඇති හැකියාව පිළිබඳ ව සොයා බැලෙන බව ද සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව  පවසයි.
     
    මිරිදිය වාසස්ථාන තුළින් මේ වනවිට වාර්තාවන මත්ස්‍ය විශේෂ 91ක් හඳුනාගෙන ඇති අතර ඉන් විශේෂ 43ක් ශ්‍රී ලංකාවට ආවේණික වෙයි.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya