මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විරැකියාවට එරෙහි සටන ජයගැනීමට තරුණ පරපුරට ප‍්‍රමුඛතාව ලබාදී තිබෙනවා Featured

    අගෝස්තු 12, 2014
    විරැකියාවට එරෙහි සටන ජයගැනීම සඳහා රටේ තරුණ පරපුරට රජය ප‍්‍රමුඛතාව ලබාදී තිබෙන බව යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද (12) කොළඹ දී ප‍්‍රකාශ කළේය.
     
    ශ‍්‍රී ලංකාව දශක තුනක් ඇතුළත තරුණ නැගිටීම් තුනකට මුහුණ දුන් බවත්, එම තත්ත්වයන් ඇතිවීමට බලපෑ හේතු විශ්ලේෂණය කර කමිටු පත්කිරීම විනා එහි අන්තර්ගතය ක‍්‍රියාවට නැංවීමට යමක් නොකළ බවත්, අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. 
     
    2014 ශ‍්‍රී ලංකා මානව සංවර්ධන වාර්තාව එළිදැක්වීම වෙනුවෙන් කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවති උත්සව අවස්ථාවට සහභාගීවෙමින් අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේය. මානව සංවර්ධන වාර්තාව එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත, සුබිනෙයි නන්දි මහතා විසින් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වෙත පිළිගන්වන ලදී. 
     
    ශ‍්‍රී ලංකාව දශක තුනක් ඇතුළත තරුණ නැඟිසිටීම් තුනකට මුහුණ දුන්නා. එම නැඟී සිටීම්වලින් අනතුරුව බලයට පැමිණි ආණ්ඩු එවැනි අවාසානාවන්ත තත්ත්වයන් ඇතිවීමට බලපෑ හේතු විශ්ලේෂණය කරමින් කමිටු පත්කොට වාර්තා ප‍්‍රකාශයට පත් කළා. එහෙත් එම වාර්තාවල අන්තර්ගතය අවබෝධ කරගැනීමකින් තොර ව සිතා මතාම එම වාර්තා යටපත් කරමින් එම කරුණු පසෙක තැබුවා. එය බෙහෙවින් කනගාටුදායක කාරණාවක්. නමුත් වත්මන් රජය එම තත්ත්වයෙන් බැහැරව ඉදිරියට ගමන් කරමින් තරුණ අසහනයට බලපෑ ප‍්‍රධානතම හේතුව හඳුනාගැනීමට ක‍්‍රියා කළා. එය "විරැකියාවයි". විරැකියාව පිටුදැකීමේ සටනෙහිලා මුල් පියවර ලෙස රජය තරුණයාට ඉහළම ප‍්‍රමුඛතාව ලබාදී තිබෙනවා. 
     
    2010 වසරේ රජය මුල් පියවර තබමින් යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යංශය යටතේ තරුණ සංවර්ධනය සහ වෘත්තීය පුහුණුව එකිනෙක යා කිරීමට කටයුතු  කළ බවත් එය රටේ තරුණ සංවර්ධනයෙහිලා බෙහෙවින් සුභවාදී බලපෑමක් ඇතිකිරීමට හේතු වී තිබෙන බවත් අමාත්‍යවරයා පැවසීය.
     
    ඉකුත් වසර කිහිපය තුළ විදේශ රැකියාවන්හි නියුතු නිපුණතා විරහිත ශ‍්‍රම බලකාය 70% සිට 60% දක්වා අඩුකිරීමට රජයට හැකි වූ බවත් ඇමෙරිකානු ඩොලර් බිලියන 06ක වාර්ෂික ආදායමක් විදේශ රැකියාවන්හි නියුතු ශ‍්‍රම බලකාය රටට උපයා දෙන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
     
    DB
     
    MP DA BMICH 1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya