මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දින ප්‍රකාශයට පත් කෙරේ Featured

    අගෝස්තු 12, 2014
    2014 ඌව පළාත් සභා මැතිවරණයට අදාළ  ව සැප්තැම්බර් 04 සහ 05 දෙදින තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දින වශයෙන් මැතිවරණ මහලේකම් කාර්යාලය නිවේදනය කරයි.
     
    මෙම දින දෙක තුළ දී ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ තැපෑලෙන් ඡන්දය දීමට සුදුසුකම් ලැබූවන් සඳහා ස්වකීය ඡන්දය ප්‍රකාශ කිරීමට සැප්තැම්බර් 11දා කාර්යාල වේලාව තුළ දී දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී මෙන් ම මැතිවරණ මහලේකම් කාර්යාලයේ දී  පහසුකම් සැලසීමට ද නියමිතය.
     
    තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා ජාතික හැඳුනුම්පත හෝ වලංගු හැඳුනුම්පත් වශයෙන් මැතිවරණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර ඇති හැඳුනුම්පතක් ඉදිරිපත් කරනු ලැබීම අනිවාර්යය වේ. 
     
    මෙම තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා තේරීම්භාර නිලධාරීන් විසින් යොදවනු ලබන නිල නිරීක්ෂකයන්ට අමතර ව තරග කරන දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් නියෝජිතයන් සහ ඒ සඳහා අවසරලත් නිරීක්ෂණ සංවිධානවල නිරීක්ෂකයන් ස්වකීය නියෝජිතයන් ලෙස සහභාගි කරවිය හැකිය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya