මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොරියා භාෂා විභාග අයදුම්පත් ලබාගැනීමේ දී අතරමැදියන්ට හසුවන්න එපා

    අගෝස්තු 12, 2014
    කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සඳහා අයදුම්පත් ලබා ගැනීමේ දී කිසිදු අතරමැදියෙකුට හසු නොවන ලෙස විදේශ රැකියා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලයි.
     
    12 වන කොරියානු භාෂා ප‍්‍රවීණතා විභාගයේ අයදුම්පත‍්‍ර නිකුත් කිරීම දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 14ක දී ඊයේ (11) උදෑසන ආරම්භ වූ බව ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. 
     
    අයදුම්පත‍්‍ර නිකුත් කිරීමේදී විභාග අපේක්‍ෂකයින්ට කිසිදු බාධාවකින් තොර ව අයදුම්පත් නිකුත් කිරීම සඳහා සියලු පහසුකම් සැලසීමට හා කඩිනමින් මෙන් ම කාර්යක්‍ෂමව එම කටයුතු සිදු කිරීමට කටයුතු යොදා ඇත. 
     
    අයදුම්පත‍්‍ර කිසිදු අඩුවකින් තොර ව නිකුත් කිරීම සඳහා සියලු මධ්‍යස්ථානවලට යොමු කර ඇති බව සඳහන් කරන කාර්යාංශය අයදුම්පත‍්‍ර ලබා ගැනීමට පැමිණෙන අයදුම්කරුවන් තම ගමන් බලපත‍්‍රය, ගමන් බලපත‍්‍රයේ පිටපතක්, ගමන් බලපත‍්‍ර ප‍්‍රමාණයේ ඡායාරූප දෙකක් රැගෙන ඒම අනිවාර්ය බවත් දන්වා සිටී. 
     
    මෙවර කොරියානු භාෂා ප‍්‍රවීණතා විභාගය ඔක්තෝම්බර් 11 හා 12 යන දිනයන්හි පැවැත්වේ. මෙවර විභාගයේ දී ධීවර හා ඉදිකිරීම් අංශයේ රැකියා සඳහා තෝරා ගැනීමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya