මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එබෝලා ශ්‍රී ලංකාවට ඇතුළු වීම වැළැක්වීමට දැඩි ආරක්ෂක පියවර

    අගෝස්තු 12, 2014

    කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ විකිරණ තිර පරීක්ෂණ යන්ත්‍ර පහසුකම් සලසා ඇති බැවින් ගුවන් තොටුපොළ හරහා පැමිණෙන සියලු මඟීන්ට එබෝලා වෛරසය ශරීරගත වී ඇත්දැයි පරීක්ෂා කිරීම නොකඩවා සිදු වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.

     

    මෙම විකිරණ තිර නිරාවරණ සහිත පරීක්ෂණ යන්ත්‍ර පසුගිය සතියේ සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ පිහිටුවා ඇති අතර එබෝලා වෛරසය ශරීරගත වූ පුද්ගලයෙක් ගුවන් තොටුපොළ හරහා රටට ඇතුළුවීමට පැමිණියහොත් එය යන්ත්‍ර මඟින් දැනගත හැකි බව වෛද්‍ය මහීපාල මහතා තවදුරටත් ප්‍රකාශ කළේය.

     

    මෙම යන්ත්‍ර මඟින් මෙරටට පැමිණෙන සියලුම සංචාරකයින් නොකඩවා පරීක්ෂා කිරීමට පිහිටුවා ඇති කවුන්ටර සඳහා පැය 24 පුරා නිලධාරීන් යොදවා ඇත.

     

    එබෝලා වෛරසය හෝ සැක කටයුතු එවන් ලක්ෂණ සහිත පුද්ගලයෙක් පැමිණියහොත් වෙනම ආරක්ෂිත ස්ථානයක රඳවා ගෙන ආසාදිත රෝග පාලනය වෙනුවෙන්ම පිහිටුවා ඇති අංගොඩ IDH රෝහල වෙත යවා එම පුද්ගලයාගේ සෞඛ්‍ය තත්ත්වය පිරික්සනු ලබන බව වෛද්‍ය මහීපාල මහතා විසින් වැඩිදුරටත් පැහැදිලි කරන ලදී.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya