මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්වයට අද සිට උපකාරක පන්ති තහනම්

    අගෝස්තු 11, 2014
    පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට පෙනි සිටින සිසුන් සඳහා අද (11) මධ්‍යම රාත්‍රී 12.00න් පසුව විභාගය අවසන් වන තෙක් උපකාරක පන්ති පැවැත්වීම සපුරා තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. 


    විභාග නීති කඩකරන්නන්ට 1968 අංක 25 දරන ප්‍රසිද්ධ විභාග පනත යටතේ දැඩි නීතිමය පියවර ගන්නා බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා අවධාරණය කරයි.

    පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ලබන 17 වනදා ආරම්භ කෙරේ. 


    විභාගය පැවැත්වෙන සම්පූර්ණ කාලය තුළ උපකාරක පන්ති පැවැත්වීම මෙන්ම සංවිධාන කිරීම, පන්ති මෙහෙයවීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ වැඩමුළු පැවැත්වීම, එම විභාග සඳහා අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්නපත්‍ර මුද්‍රණය කිරීම, ඒවා බෙදා හැරීම, විභාග ප්‍රශ්නපත්‍රවල ප්‍රශ්න ලබා දෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබා දෙන බවට පෝස්ටර් බැනර් කටවුට් අත් පත්‍රිකා විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දෑ ළඟ තබා ගැනීම සපුරා තහනම් වේ.

    මේ නියෝග නොසලකා හරින යම් පුද්ග‍ලයෙක් හෝ ආයතනයක් ‍ක්‍රියා කරන්නේ නම් විභාග පනත කඩ කරන අයෙක් බව පෙන්වා දෙන විභාග කොමසාරිස් ජනරාල්වරයා මේ අයට එරෙහිව නීතිමය පියවර ගන්නා බව කියා සිටී.

    මේ කරුණු කඩකරමින් විභාග නීතිරීති උල්ලංඝනය කරන අයකු හෝ ආයතනයක් වෙත් නම් ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ විභාග දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙස ද විභාග කොමසාරිස් ජනරාල්වරයා ඉල්ලා සිටී.

    විභාග නීති උල්ලංඝනය කරන්නන් පිළිබඳ විභාග දෙපාර්තමේන්තුවේ දූරකතන අංක 01127842080112784537 හෝ විභාග දෙපාර්තමේන්තුවේ හදිසි ඇමතුම් අංක 1911ට හෝ පොලිස් මූලස්ථානය 0112421111 හෝ 1911 දූරකතන අංකවලට දැනුම් දිය හැක.

    NDH

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya