මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඌව පළාත් සභා අපේක්ෂකයන්ට මනාප අංක දීම අද සහ හෙට Featured

    අගෝස්තු 11, 2014
    ඌව පළාත් සභා මැතිවරණයට තරග කරන අපේක්ෂකයන්ට මනාප අංක ලබා දීම අද (11) සහ හෙට (12) සිදු ‍කරන බව නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහමඩ් මහතා පවසයි. 
     
    ඒ අනුව අද මොනරාගල දිස්ත්‍රික්කය වෙනුවෙන් ද, හෙට බදුල්ල දිස්ත්‍රික්ය වෙනුවෙන් ද මනාප අංක ලබාදීමට නියමිතය.
     
    සිංහල අකාරාදි පිළිවෙළට මනාප අංක ලබාදීම සිදු කෙරේ. 
     
    ඌව පළාතේ මන්ත්‍රි ආසන 34 සඳහා මෙවර අපේක්ෂකයන් 617 දෙනෙක් තරග කෙරේ. බදුල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රි ධුර 18 සඳහා අපේක්ෂකයන් 294 දෙනෙක් ද මොනරාගල දිස්ත්‍රික්කයේ මන්ත්‍රි ධුර 14 සඳහා අපේක්ෂකයන් 323 දෙනෙක් ද තරග කරනු ඇත.
     
    ඌව පළාත් සභා ඡන්ද විමසීම 2014 සැප්තැම්බර් 20 වැනි සෙනසුරාදා පෙරවරු 7.00 සිට පස්වරු 4.00දක්වා පැවැත්වීමට නියමිතය. ඌව පළාත් සභාව පසුගිය ජුලි 11දා විසුරුවා හරින ලදී.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya