මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලයිබීරියාවේ සිටින ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින් කඩිනමින් දිවයිනට Featured

    අගෝස්තු 09, 2014
    අප‍්‍රිකානු කලාපය පුරා සීග්‍රයෙන් පැතිර යන එබෝලා වෛරසය හේතුවෙන් ලයිබීරියාවේ සිටින 200ක් පමණ වන ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයන් කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීමට පියවර ගන්නා බව විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.
     
    ලයිබීරියාවේ ඇති වී තිබෙන අයහපත් සෞඛ්‍යමය වාතාවරණය මත එරට සිටින ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයන්ගේ ජීවිතවලට තර්ජනයක් ඇති විය හැකි බැවින් මෙම තීරණය ගත් බවත්, නැවතත් ලයිබීරියාවට ශ්‍රමිකයන් යැවීම අත්හිටුවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය. 
     
    එසේම ලයිබීරියාවේ සිටින ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයන්ගේ ඥාතීන්ට, තමන්ගේ හිතවතුන් මේ සම්බන්ධයෙන් දැනුවත් කර වහා මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා දන්වා සිටී.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya