මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මි.මී. 150ට වැඩි ඉතා තද වැසි ඇති විය හැක Featured

    අගෝස්තු 08, 2014

    දිවයිනේ වැසි සහිත කාලගුණ තත්ත්වයක් ඇති වීම සඳහා ඉතා සුදුසු වායුගෝලීය වාතාවරණයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (08) පස්වරුවේ නිවේදනය කළේය.


    අද පස්වරුවේ නිකුත් කරන ලද එම කාලගුණ අනාවැකියට අනුව ඉදිරි පැය 36 දී දිවයිනේ බස්නාහිර, සබරගමුව, සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට  වැසි ඇති වේ. සමහර ස්ථානවල මි.මී. 150ට වැඩි ඉතා තද වැසි ද ඇති විය හැක. වයඹ  පළාතටද මෙම වැසි පැතිර යා හැක.


    දිවයිනේ අනෙක් පළාත්වල ද අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී තැනින් තැන වැසි ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.


    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya