මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බේරුවල කසල අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමට පියවර ගන්නවා

    අගෝස්තු 08, 2014

    බේරුවල කසල අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමට පියවර ගන්නා ලෙසත් බේරුවල ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයේ කසල අපද්‍රව්‍ය බැහැර කරනු ලබන පාදගොඩ ප‍්‍රදේශයේ පාරිසරික ගැටලු මතුවී තිබෙන බැවින් වහා ම ඊට පිළියම් යොදන ලෙසත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා බේරුවල ප‍්‍රාදේශීය සභාවේ සභාපති කුෂ්මන් ද සිල්වා මහතාට දන්වනු ලැබීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා බේරුවල පාදාගොඩ ප‍්‍රදේශයේ ජනතාව මෙම කසල අපද්‍රව්‍ය නිසා තමන්ට සිදුවී තිබෙන අනතුරුදායක තත්ත්වය හා පාරිසරික ගැටලු පිළිබඳ අමාත්‍යවරයා හමුවී දැනුවත් කිරීමෙන් පසුවය.


    මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, කැළි කසල අපද්‍රව්‍ය මනා කළමනාකරණයකින් යුතුව බැහැර කළ යුතුයි. ඒ සඳහා දිගුකාලීන සැලැස්මක් සකස් කරන ලෙස අදාළ අංශ වෙත උපදෙස් ලබාදෙනු ලැබීය. එසේම ජනතාවගේ සෞඛ්‍ය හා පාරිසරික ආරක්‍ෂාව ගැන පළමුව සැලකිලිමත් විය යුතු බවත් ඒ සඳහා නිසිලෙස සැලසුම් කළ යුතු බවත් අවධාරණය කරනු ලැබීය. එසේම කසල ප‍්‍රතිචක‍්‍රීකරණය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට පියවර ගන්නා බව පැවසූ අමාත්‍යවරයා ඒ සඳහා විධිමත් වැඩපිළිවෙළක් යොදන බවත් පැවසීය.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya