මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බාලදක්ෂ කඳවුරකදී දරුවන් තුළ විශාල වෙනසක් සිදුකළ හැකියි Featured

    අගෝස්තු 08, 2014

    තම දෙමාපියන්ගෙන් ඈත්ව විවිධ අභියෝග අත්දැකීම්වලට මුහුණ දී සහෝදරත්වය, සහජීවනය, විනය හා ස්වයං සංවර්ධනයක් ඇති කිරීම බාලදක්ෂ කඳවුරක් තුළ සිදු වන බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ දිසා බාලදක්ෂ සංගමයේ සියවස් සැමරුම වෙනුවෙන් සංවිධානය කරන ලද ජාත්‍යන්තර බාලදක්ෂ කඳවුරේ අවසන් දින උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි. මේ උත්සවය මාදම්පේ, දුම්මලසූරිය එරීනා ක්‍රීඩාංගණයේදී  ඊයේ (06)  පැවත්විණි.

    අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පාසල් දහසකට ආසන්න සංඛ්‍යාවක් තිබේ. ලක්ෂ 40ක පමණ දරුවන් ඒවායේ අධ්‍යාපනය හදාරති. අවාසනාවකට වගේ වෙනත් රටවලට වඩා වෙනස් වූ විභාග කේන්ද්‍රීය අධ්‍යාපනයක් පසුගිය දශකවල ශ්‍රී ලංකාවේ ස්ථාපිත වූ බව ඔහු පෙන්වා දුන්නේය. එහිදී දෙමාපියන් සිතුවේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය, අපොස සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාග දරුවන්ගේ ජීවිත ගොඩනගන බවයි. ලෝකයේ වෙනත් රටවල විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය වෙනුවට හිතනවාට වඩා යමක් හිතන, පෙනෙනවාට වඩා යමක් පෙනෙන, ඇසෙනවාට වඩා යමක් ඇසෙන කුසලතා හා නිර්මාණාත්මක හැකියාවන් සහිත වැඩ ලෝකයට ගැළපෙන දරුවන් බිහිකිරීමට කටයුතු කර ඇතැයි අමාත්‍යවරයා පැවසීය.


    විෂය සමගාමී හා විෂය බාහිර කටයුතු සඳහා දරුවන් යොමු කරනවා. ක්‍රීඩාව, සෞන්දර්ය, බාලදක්ෂ හා වෙනත් නායකත්ව වැඩසටහන් සඳහා දරුවන්ට අවස්ථාව ලබා දී තිබෙන බව ද ඔහු කීය.

    විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය වෙනස් කරමින් සෑම ශිෂ්‍යයෙකුටම ක්‍රීඩාවක් කිරීම අනිවාර්ය කර තිබෙන බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. බාලදක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කර ද්විතීයක පාසල් තුළ අනිවාර්යයෙන් බාලදක්ෂ ව්‍යාපාරයට කැමති දරුවන්ට ඒ සඳහා සම්බන්ධවීමට අවස්ථාව ලබාදීමට අපේක්ෂා කරයි. මෙහිදී ප්‍රධාන විභාගවලට පෙනී නොසිටින 6,7 සහ 8 ශ්‍රේණිවල දරුවන් බාලදක්ෂයන් කිරීමට හැකිවුව හොත් මේ දරුවන් ජාත්‍යන්තර සහයෝගය මත විවිධ ජාතීන්, විවිධ ආගම්, විවිධ පන්ති මට්ටමේ සිටින දරුවන් තුළ සමඟිය, සහජීවනය එකම තලයකට ගෙන ඒමේ විශාල ඉඩකඩක් තිබෙන බවත් එය ශ්‍රී ලංකාවේ ධරණීය සංවර්ධනයට වැදගත් වන බවත් අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    NDH/kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya