මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තිරසාර සංචාරක කර්මාන්තය පිළිබඳ ජගත් සමුළුව ඇමති බැසිල් අතින් විවෘත වේ

    අගෝස්තු 08, 2014
    නිවර්තන කලාපීය සංචාරක ව්‍යාපාරයට නව දැක්මක් එක්කරමින් දඹුල්ලේ කණ්ඩලමේදී පැවති තෙදින ජාත්‍යන්තර සංචාරක සමුළුව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අද (08)  උත්සවාකාරයෙන් විවෘත කෙරිණි.
     
    සබරගමු විශ්වවිද්‍යාලයේ සංචාරක අංශයේ මෙහෙයවීමෙන් රටවල් 20කට ආසන්න නියෝජිතයින් 100කට අධික පිරිසක් සහභාගී වූ මෙම සමුළුවේ තේමාව වුයේ "සංචාරක කර්මාන්තය සඳහා සොබාදහම, සංස්කෘතිය සහ ජාලකේන්ද්‍ර ගත කිරීම" යන්නයි. 
     
    අද සිට 10 දක්වා පැවැත්වෙන මෙම තෙදින සමුළුවේ විශේෂ ආරාධිත අමුත්තා වශයෙන් උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා සහභාගි විය.
     
    මෙම සමුළුව සංවිධානය කරනුයේ සබරගමු විශ්වවිද්‍යාලයේ සංචාරක කළමනාකරණ අධ්‍යයන අංශය සහ සංචාරක සංවර්ධන අධිකාරිය, නැගෙනහිර සහ මධ්‍යම පළාත් සභාවන් විසිනි. 
     
    ශ්‍රී ලංකා ජාත්‍යන්තර සංචාරක සම්මේලනය පැවැත්වීම සඳහා සුදුසු ස්ථානයක් ලෙසට ලොවට හඳුන්වා දීම සමුළුව පැවැත්වීමේ එක් අරමුණකි. මේ සමුළුව ස්පාඤය, මැලේසියාව ඇතුළු රටවල් කිහිපයක පැවති අතර මෙවර පැවැත්වූයේ 07 වරටය.
     
    ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පැවති මෙම සමුළුව සඳහා ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, තායිලන්තය, චීනය, සිංගප්පූරුව, ඉරානය, ටැන්සානියාව, බ්‍රිතාන්‍යය, ඇමරිකාව, කාම්බෝජය ඇතුළු රටවල් 20ක සංචාරක ක්ෂේත්‍රයේ විශේෂඥයන්, පර්යේෂකයන් සහ විශ්වවිද්‍යාල මහචාර්යවරුන් රැසක් එක්ව සිටියහ. 
     
    සබරගමු සරසවියේ සංචාරක අධ්‍යනය අංශය 1996 වසරේ දී ආරම්භ කළ අතර එය ලංකාවේ විශ්වවිද්‍යාලයක ප්‍රථම සංචාරක අධ්‍යයන අංශය වේ. දැනට එම අධ්‍යයන අංශය යටතේ උපාධි පාඨමාලා 03ක් පවත්වාගෙන යනු ලබයි.
     
    ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සමුළුවේ සමාරම්භක උත්සවය අමතා උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, නැගෙනහිර පළාත් සභාවේ සංචාරක සහ කෘෂිකර්ම අමාත්‍ය නසීර් අහමඩ්, සබරගමු සරසවියේ උපකුලපති මහාචාර්ය චන්දන උඩවත්ත, සංවිධායක කමිටුවේ සභාපති ආචාර්ය ඉරාජ් රත්නායක, පීඨාධිපති වසන්ත රත්නායක, මහාචාර්ය ඇන්රු චර්ච් යන මහත්වරු ද කතා කළහ. 
     
    එම අවස්ථාවට සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති භාෂ්වර සේනාරත්න මහතා ඇතුළු ආරාධිතයින් විශාල පිරිසක් එක්ව සිටියහ.  
     
    DB
     
    MP BR DABULLA
     
     
    MP BR DABULLA 1
     
    MP BR DABULLA 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya