මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අන්තර්ජාලය හරහා ළමා අපයෝජන සිදු කළ හොත් වසර 10ක සිර දඬුවම්

    අගෝස්තු 10, 2014

    අන්තර්ජාලය හරහා ළමා අපයෝජන සිදු කරන කවර පුද්ගලයෙකුට හෝ එරෙහිව වසර 10ක සිර දඬුවම් නියම කිරීමට ළමාරක්ෂක අධිකාරිය පියවර ගෙන ඇත.

    ලිංගිකව අපයෝජනය කිරීමේ කාර්යය සඳහා ළමයෙකු පොළඹවා ගැනීමට ඇවටිලි කරන ඕනෑම කෙනෙකුට එරෙහිව වසර 10කට වැඩි නොවන කාලයක් සඳහා බන්ධනාගාරගත කිරීමක් හෝ දඩ මුදලක් අය කිරීමක් හෝ මේ දෙකම සිදු කළ හැකි බව එම අධිකාරිය 2006 අංක 16 දරණ දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනතේ 360 (ඉ) වගන්තියට අනුව පෙන්වා දෙයි.

    එමෙන් ම 1995 අංක 22 දරණ දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනතේ 286 (අ) වන වගන්තියට අනුව ළමයින්ට අදාළ ව අසභ්‍ය පළ කිරීම් හා ප්‍රදර්ශන ආදිය සිදු කරන ඕනෑම තැනැත්තෙකුට එරෙහිව අවුරුදු 02කට නොඅඩු හා අවුරුදු 10 නොඉක්ම වන කාලයකට බන්ධනාගාරගත කිරීමක් හෝ එම තැනැත්තාට දඩමුදලක් නියම කළ හැකි බව ළමාරක්ෂක අධිකාරිය පෙන්වා දෙයි.

    අන්තර්ජාලය තුළ පවතින Face book වැනි සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ළමයින් අපයෝජනය කරන හා අපයෝජනය සඳහා පොළඹවන තැනැත්තන්ට එරෙහිව ඉහත පනත් දෙකට අනුව අදාළ දඬුවම් නියම කළ හැකි බව එම අධිකාරිය මගින් වැඩිදුරටත් පෙන්වා දෙයි.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya