මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර කෘෂිකාර්මික පර්යේෂණ විද්වත් සම්මන්ත‍්‍රණයක් හෙට Featured

    අගෝස්තු 10, 2014

    ශ‍්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප‍්‍රතිපත්ති සභාව මගින් සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර කෘෂිකාර්මික පර්යේෂණ විද්වත් සම්මන්ත‍්‍රණය හා ප‍්‍රදර්ශනය හෙට (11) සහ අනිද්දා (12) දෙදින පුරා ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වේ.


    මෙහි සමාරම්භක උළෙල හෙට 11  පෙ.ව. 9.00ට ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා කාෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කෙරේ.සාර්ක් රටවල් ඇතුළු රටවල් රැසක් නියෝජනය කරමින් විවිධ කෘෂිකාර්මික පර්යේෂණ ආයතන 200ක පමණ දෙස් විදෙස් පර්යේෂකයින් 200ක් පමණ මෙම අවස්ථාවට සහභාගීවීමට නියමිතය.

    මෙම ශාස්ත‍්‍රීය සම්මන්ත‍්‍රණයේදී සංවර්ධිත රටවල් රැසක සහයෝගය ලබා ගනිමින් විද්‍යාත්මක දැනුම හා දක්ෂතා හුවමාරුව තුළින් කෘෂිකාර්මික ගැටලු විසඳා ගැනීමේ ක‍්‍රමෝපායන් පිළිබඳව සාකච්ඡා කිරීමට අපේක්ෂා කෙරේ.කෘෂිකාර්මික වෙළඳ ප‍්‍රදර්ශනයේදී කෘෂිකාර්මික භාණ්ඩ, විසිතුරු මල් හා පොහොර වර්ග, කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ සහ කාෂිකාර්මික උපදෙස් ඇතුළත් පර්යේෂණ හා ප‍්‍රකාශන මිලදි ගැනීමට මහජනතාවට අවකාශ සලසා ඇත.

    මෙම අවස්ථාවට කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය වයි.ජී. පද්මසිරි, එම අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.ඩී.බී. මීගස්මුල්ල සහ මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරු සහභාගී වීමට නියමිතය.

     

    ECB/DM_cmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya