මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලිබියාවේ දී පීඩාවට පත් වු ශ්‍රී ලාංකික ශ‍්‍රමිකයන් කඩිනමින් දිවයිනට Featured

    අගෝස්තු 08, 2014
    ලිබියාවේ ඇතිවී තිබෙන යුධමය වාතාවරණය හේතුවෙන් අපහසුතාවට පත් එරට සේවය කරන ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයන් යළි දිවයිනට ගෙන්වා ගැනීම සඳහා අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතාගේ උපදෙස් පරිදි විශේෂ වැඩපිළිවෙළක් සකස් කර තිබෙන බව, විදේශ සේවා කාර්යාංශයේ සභාපති අමල් සේනාලංකාධිකාර මහතා සඳහන් කරයි. 
     
    ඒ අනුව, ඊයේ (07) රාති‍්‍රයේ කටාර් හරහා 17 දෙනෙකුගෙන් යුත් පිරිසක් දිවයිනට ගෙන්වා ගෙන තිබේ. මෙම පිරිස දිවයිනට ගෙන්වා ගැනීම සඳහා කයිරෝහි පිහිටි ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය මැදිහත් වී ඇති අතර, ශ‍්‍රී ලංකා තානාපතිතුමාගේ විශේෂ අවධානය ඒ සඳහා යොමු වී තිබිණි.
     
    කටාර් රාජ්‍යය හරහා කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානා දෙකක් මඟින් මොවුන් ශ‍්‍රී ලංකාවට ගෙන්වාගෙන තිබේ. මේ අතර, මෙරටට ඊයේ පැමිණි පිරිස කාර්යාංශයේ කටුනායක පිහිටි "සහන පියස" සුභසාධන මධ්‍යස්ථානයට රැගෙන ගොස් අවශ්‍ය සුභසාධන පහසුකම් ලබාදීමට කටයුතු යොදා ඇත. 
     
    මොවුන් ශ‍්‍රී ලංකාවට කඩිනමින් ගෙන්වා ගැනීම සඳහා කාර්යාංශය ඇමරිකන් ඩොලර් ලක්ෂයක් වියදම් කොට තිබේ.
     
    තවත් 30ක පමණ පිරිසක් ලිබියාවේ නිරුපද්‍රිතව සේවය කරන අතර, අවශ්‍ය වුවහොත් ඔවුන් ද ගෙන්වා ගැනීමට කටයුතු යොදා තිබේ. යුධමය වාතාවරණය අවසන් වන තෙක් ලිබියාවේ රැකියා සඳහා ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයන් යැවීම තාවකාලිකව අත්හිට වූ බව, සභාපති අමල් සේනාලංකාධිකාර මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya