මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “ උත්තම ශ්‍රම පූජා ” වැඩසටහන 21

    අගෝස්තු 08, 2014


    රාජ්‍ය සේවාවේ නියුතු කාර්ය මණ්ඩලයන්හි සෞඛ්‍ය හා පෝෂණ තත්ත්වය ප්‍රවර්ධනය කිරීම තුළින් ඔවුන් වඩාත් සෞඛ්‍ය සම්පන්න හා තෘප්තිමත් පිරිසක් බවට පත්කොට කාර්යක්ෂ ම, ඵලදායි රාජ්‍ය සේවාවක් ස්ථාපිත කිරීමේ අරමුණින් “උත්තම ශ්‍රම පූජා” නමින් ආරම්භ කර ඇති නව වැඩසටහන මේ මස 21 ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්වේ.

    සියලු ම අමාත්‍යාංශවල ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම වැඩසටහන රටේ සංවර්ධනය හා ජනතා සේවය සඳහා සිය ශ්‍රමය හා කාලය කැප කරමින් උත්තරීතර සේවාවක් ඉටුකරනු ලබන රාජ්‍ය නිලධාරින් වෙනුවෙන් ම ආරම්භ කර ඇති අතර, එය ජනාධිපති කාර්යාලයේ ජාතික පෝෂණ ලේකම් කාර්යාලය හරහා ක්‍රියාත්මක වේ.

     

    ඒ අනුව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශ‍යට අයත් සියලු ම කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් සඳහා සෞඛ්‍ය වෛද්‍ය සායන පැවැත්වීම, වෛද්‍ය උපදෙස් ලබා දීම සහ යහපත් හා යෝග්‍ය සෞඛ්‍ය පුරුදු ඇති කිරීම සඳහා ඔවුන්ගේ දැනුම කුසලතා වර්ධනය කිරීම හා  හුවමාරු කරගැනීම අරමුණු කරගත් මෙම වැඩසට‍හන අ‍ගෝස්තු මස 21 දවස පුරා, සෙත්සිරිපාය, දෙවන අදියර, පස්වන මහලේ අමාත්‍යාංශයීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී සිදු කෙරේ.


    ඒ පිළිබඳව විශේෂ සාකච්ජාවක් ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) අශෝකා අලවත්ත සහ අතිරේක ලේකම් (පාලන) සුසීමා වි‍ජේසේකර යන මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි.
     

    ඒ අනුව මෙම “උත්තම ශ්‍රම පූජා” වැඩසටහන සැලසුම් කිරීම, සංවිධානය කිරීම, ක්‍රියාත්මක කිරීම හා අඛණ්ඩ පසුවිපරම් ක්‍රමවේදයන් තුළින් එය යාවත්කාලීන කරමින් පවත්වාගෙන යාම පිළිබඳව එහිදී සාකච්ජා කෙරිණි. මෙම අවස්ථාවට ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යවරයාගේ පුද්ගලික ලේකම් කේ.ඒ.ටී.බී. ජයවර්ධන, සැලසුම් අධ්‍යක්ෂ ජේ.පී.එස්. ජයසිංහ යන මහත්වරුන් ඇතුළු කාර්ය මණ්ඩල නියෝජිතවරු පිරිසක් ද පැමිණ සිටියහ.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya