මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ‍්‍රී ලංකා ගුවන් හමුදාපති අලුත්ගම ප‍්‍රදේශයේ නිරීක්‍ෂණ චාරිකාවක Featured

    අගෝස්තු 08, 2014

    ශ‍්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක ඊයේ (07) පෙරවරුවේ අලුත්ගම ප‍්‍රදේශයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූ අතර, ඒ මහතා ප‍්‍රදේශවාසීන් සමඟ ඔවුන්ගේ සුවදුක් විමසමින් එම ප‍්‍රදේශය නිරීක්‍ෂණය කළේය.

    එම ප‍්‍රදේශයේ විනාශයට පත්වු ව්‍යාපාරික ගොඩනැගිලි 35 ක් යථා තත්ත්වයට පත්කිරීම සඳහා ගුවන් හමුදාවේ සහයෝගය ලබාදීමට කටයුතු කරන ලද අතර, ඒ සඳහා ගුවන් හමුදා සාමාජිකයින් 110 දෙනෙකු යොදවා ඇත.

    ගුවන් හමුදාවේ කටුකුරුන්ද කඳවුරේ සාමාජිකයින් විසින් අලුත්ගම බෙල්ලන විහාරස්ථානයේ සංඝාවාසය සහ ධර්මපාල පිරිවෙනේ ඉදිකිරීම් කටයුතු සඳහා ශ‍්‍රම දායකත්වය සපයන අතර, ඒ සඳහා ගුවන් හමුදා සාමාජිකයින් පිරිසක් යොමුකොට ඇත. එහි ඉදිකිරීම් කටයුතු නිරීක්‍ෂණය කිරීම සඳහා ද ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක, ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂක එයාර් වයිෂ් මාර්ෂල් සී. ආර්. ගුරුසිංහ සහ කටුකුරුන්ද අණදෙන නිලධාරි විංග් කමාන්ඩර් එම්. බාලසූරිය සහභාගි වූහ.

    ඉන් අනතුරුව ගාල්ල ඉමදූව ප‍්‍රදේශයේ ඉදිවන වෙළඳ සාප්පු සංකීර්ණයේ ඉදිකිරීමේ කටයුතු නිරීක්‍ෂණය සඳහා ද ගුවන් හමුදාපති ඇතුළු පිරිස සහභාගි වූ අතර, එහි ඉදිකිරීම් කටයුතු සඳහා ද ගුවන් හමුදා සාමාජිකයින්ගේ ශ‍්‍රම දායකත්වයද ලබා දී ඇත.

    ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක ඇඹිලිපිටිය ප‍්‍රදේශයේද සංචාරයක ද නිරත වූ අතර, ගුවන් හමුදාව විසින් ඇඹිලිපිටිය ප‍්‍රදේශයට  නව සති පොළක් ඉදිකර දීමේ කටයුත්තක නිරත වී ඇති අතර, එයද ගුවන් හමුදාපතිවරයා ඇතුළු පිරිසගේ නිරීක්‍ෂණට ලක්විණි.

    ECB

    air2

    air3

    air4

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya