මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අතුරුදන්වුවන්ගේ පවුල්වල අවශ්‍යතා පිළිබඳ අධ්‍යයනයක් Featured

    අගෝස්තු 08, 2014
    ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික රතු කුරුස කමිටුව විසින් අතුරුදන්වූවන්ගේ පවුල්වල අවශ්‍යතා පිළිබඳ ව අධ්‍යයනය කිරීමේ වැඩසටහනක් සැප්තැම්බර්  මාසයේ ආරම්භ කිරීමට නියමිතය.
     
    පවුල්වල අවශ්‍යතා අධ්‍යයනය කිරීමේ වැඩසටහනෙහි මූලික අරමුණ වන්නේ ශ්‍රී ලංකා රජය විසින් ක්‍රියාවට නැංවිය යුතු නිර්දේශ සඳහා, සම්පත් හා 
    වැඩිදියුණු විය යුතු අංශ හඳුනාගෙන ඒ හරහා රජයේ වර්තමාන ක්‍රියාමාර්ග සඳහා සහය දැක්වීමය.
     
    "පවුල්වල අවශ්‍යතා අධ්‍යයනය කිරීමේ මෙම වැඩසටහන මගින්, රජයට යුද සමයේ පීඩාවට පත්වූ මෙම විශේෂිත වූ ජන කොටස සඳහා තම 
    ප්‍රතිපත්තීන් අනුකලනය කිරීම සඳහා සහය ලැබෙනු ඇතැ"යි අන්තර්ජාතික රතු කුරුස කමිටුවේ කොළඹ ආරක්ෂක සම්බන්ධීකාරක ග්වෙනාඑල් ෆොන්ටානා මහත්මිය (Gwenaelle Fontana) පැවසුවාය.
     
    මෙම සමීක්ෂණය, මූලිකව අන්තර්ජාතික රතු කුරුස කමිටුවේ අතුරුදන්වූවන්ගේ ලැයිස්තුවේ නියෝජක සාම්පලයකින් යුක්ත වන අතර එය සම්පූර්ණ කිරීමට වසරක කාලයක් ගත වීමට නියමිතය. ඉන් අනතුරුව අන්තර්ජාතික රතු කුරුස කමිටුව විසින් රජය වෙත තම වාර්තාව ඉදිරිපත් කරනු ඇත.
     
    සිදු වූ බව පැවසෙන අතුරුදන්වීම් පිළිබඳ ගැටලුව සහ ඒ සඳහා අනෙකුත් රටවල් යොදා ගන්නා ලද ප්‍රායෝගික ක්‍රියාමාර්ග අධ්‍යයනය යන කාරණා 
    සඳහා, උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභා වාර්තාවේ 9.48* හා 9.50* යන අංක දරන නිර්දේශවලට අනුව රාජ්‍ය ආරක්ෂක හා නාගරික 
    සංවර්ධන අමාත්‍යංශය සහ අන්තර්ජාතික රතු කුරුස කමිටුව එක්ව කටයුතු කරමින් සිටී. පවුල්වල අවශ්‍යතා පිළිබඳ අධ්‍යයනයේ සොයා ගැනීම් 
    ක්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය යාන්ත්‍රණයකට අනුව, "නැති වූ" සහ "අතුරුදන් වූ" පුද්ගලයින් සිටින බවට හඳුනා ගෙන ඇති පවුල්වල ගැටලු සඳහා 
    අවධානය යොමු කෙරෙනු ඇත.
     
    මීට අමතරව, උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභා වාර්තාවේ අංක 9.51 දරන නිර්දේශය, නැති වූවන් පිළිබඳ සියලුම තොරතුරු අනුකලනය 
    කරමින් දත්ත එකතු කිරීම සඳහා කෙන්ද්‍රීය ක්‍රමවේදයක් ජාතික මට්ටමින් නිර්මාණය කිරීම යෝජනා කරයි. පවුල්වල අවශ්‍යතා පිළිබඳ අධ්‍යයනය 
    කිරීමේ වැඩසටහන, නැති වූ පුද්ගලයින්ගේ පවුල්වල අවශ්‍යතා පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් සපයමින් මෙම නිර්දේශය ක්‍රියාවට නැංවීම සඳහා 
    සහය වනු ඇත.
     
    පවුල්වල අවශ්‍යතා පිළිබඳ අධ්‍යයනය කිරීමේ වැඩසටහන යනු නිලධාරීන් පවුල් සමඟ කටයුතු කරමින් ඔවුන්ගේ අවශ්‍යතාවන් සොයා බලා ඔවුන්ට 
    සමාජයට අනුගත වීම සඳහා අවශ්‍ය සහය ලබා දෙන පුළුල් වූ වැඩසටහනකි. එය විවිධ අවශ්‍යතාවන් සපුරාලිය හැකි වන ආකාරයේ සහයෝගීතා 
    ජාලයක් රජයත් මහජනයාත් අතර ගොඩනගනු ඇත.
     
    පවුල්වල අවශ්‍යතා පිළිබඳ අධ්‍යයනය කිරීමේ වැඩසටහන පිළිබඳ යෝජනාව මෙම වසර මුලදී අන්තර්ජාතික රතු කුරුස කමිටුව විසින් රජයට 
    ඉදිරිපත් කර තිබූ අතර එය උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ ක්‍රියාවට නැංවීම පිළිබඳ අධ්‍යයන කටයුතු භාරව සිටින ජනාධිපති 
    ලේකම් ලලිත් වීරතුංග මහතා විසින් අනුමත කරන ලදී.
     
    "ශ්‍රී ලංකා රජය යෝජනාව අනුමත කිරීම පිළිබඳ අන්තර්ජාතික රතු කුරුස කමිටුව සතුටු වන අතර, මේ සඳහා අපගේ උපරිම දායකත්වය ලබා දීමට 
    බලාපොරොත්තු වෙනවා," යයි ෆොන්ටානා මහත්මිය තවදුරටත් පැවසුවාය.
     
    DB/ llrc

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya