මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මන්නාරම අතුරුදන්වූවන් පිළිබඳ කොමිසමේ පැමිණිලි සටහන් කරගැනීම අද සිට Featured

    අගෝස්තු 08, 2014
    අතුරුදන්වූවන් පිළිබඳ ව පැමිණිලි විමර්ශනය කිරීමේ කොමිසමෙහි පැමිණිලි සටහන් කර ගැනීමේ 6 වන සැසි වාරය අද (08) සිට 11 දක්වා මන්නාරම් දිස්ත්‍රික්කයේ දී පැවැත්වේ.
     
    අද සහ හෙට (09) යන දෙ දින පැමිණිලි සටහන් කර ගැනීම මන්නාරම් දිස්ත්‍රික්කයේ මාන්තෙයි බටහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ද, 10දා මන්නාරම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ද, 11දා මඩු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ද පැවැත්වේ. 
     
    මෙවර සැසි වාරය පුරා දින හතර තුළදී ග්‍රාම නිලධාරී වසම් 47ක් ආවරණය කිරීමට නියමිතය.
     
    මේ දක්වා කොමිසමට ආරක්ෂක සාමාජිකයන්ගෙන් ලද පැමිණිලි 5,000ක් ඇතුළුව මුළු පැමිණිලි 19,284ක් ලැබී ඇත. කොමිසම විසින් පැමිණිලිකරුවන් 786 දෙනෙකුගේ පැමිණිලි විමර්ශනය කරමින් සිටින අතර එම සාක්ෂි තවදුරටත් ස්වාධීන පරීක්ෂණ කණ්ඩායමක් මගින් මෙහෙයවනු ලබයි.
     
    කොමිසම විසින් මීට ඉහත දී ජනවාරි, පෙබරවාරි, මාර්තු, ජූනි සහ ජූලි යන මසවලදී කිලිනොච්චි, යාපනය, මඩකළපුව, මුලතිව් සහ නැවතත් මඩකළපුව යන දිස්ත්‍රික්කයන්හි දී ජන හමු පවත්වා ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya