මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහජන ගැවසුම් ස්ථාන විෂබීජ හරණයට

    මාර්තු 22, 2020

    පොදු ජනතාව ගැවසෙන ස්ථාන තවදුරටත් විෂබීජ හරණයට පියවර ගෙන ඇත.


    පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ, කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන, ගුණසිංහපුර පෞද්ගලික බස්නැවතුම්පළ, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය සහ ගංගාරාම විහාරස්ථානය අද (22) පෙරවරුවේ විෂබීජ හරණයට ලක් කෙරිණ.


    ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් (පාලන) විශ්‍රාමික මේජර් ජෙනරාල් කේ.බී. එගොඩවෙලේ මහතාගේ සහ වැඩබලන පොලිස්පති සී. වික්‍රමරත්න මහතාගේ උපදෙස් පරිදි බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය
    පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩසටහන මෙහෙයවයි. වේග ජල විදීමේ යන්ත්‍ර යොදා ගනිමින් පවිත්‍රකරණයෙන් පසු විෂබීජ නාශක දියර යෙදීම සිදු කෙරේ. මේ වැඩසටහන ද කොරෝනා වසංගත තත්ත්වය පහව යන තෙක් ක්‍රයාත්මකය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya