අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරේ දිස්ත්‍රික්ක 05 තුළ ඇඳිරි නීතිය අඟහරුවාදා (24) උදේ 6.00 දක්වා දීර්ඝ කෙරේ Featured

    මාර්තු 22, 2020

    මන්නාරම, වව්නියාව, මුලතිව්, කිලිනොච්චි සහ යාපනය යන උතුරු පළාතේ දිස්ත්‍රික්ක 05 තුළ දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය මාර්තු 24, අඟහරුවාදා උදේ 6.00 දක්වා දීර්ඝ කර තිබේ.


    මේ දිස්ත්‍රික්කවල උදේ 6.00 ට ඉවත් කෙරෙන ඇඳිරි නීතිය දහවල් 2.00ට යළි පනවනු ලැබේ. උතුරේ දිස්ත්‍රික්ක 05 වෙසෙන ජනතාවට තමන් අයත් දිස්ත්‍රික්කයෙන් පිටතට ගමන් කිරීම තහනම් කර ඇත.

    පසුගිය දිනවල උතුරේ චාරිකා කළ ස්විට්සර්ලන්තයෙන් පැමිණි කොරෝනා වෛරසය ආසාධිත දේවගැතිවරයා හමු වූ සහ ඇසුරු කළ සියලුදෙනා හඳුනාගන්නා තෙක් මේ ගමන් තහනම ක්‍රියාත්මකව පවතී. දිස්ත්‍රික්ක 05 වෙසෙන ජනයා කොරෝනා වෛරසයට ගොදුරුවීමෙන් ආරක්ෂා කරගනු පිණිස මේ තීරණය ගෙන ඇත.

    උතුරේ ජන ජීවිතය සුරක්ෂිත කරනු පිණිස ගෙන ඇති ක්‍රියාමාර්ගය සාර්ථක කර ගැනීමට පූර්ණ සහයෝගය දෙන්නැයි රජය එහි වෙසෙන ජනතාවගෙන් ඉල්ලා සිටී.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya