පාර්ලිමේන්තු ඡන්දය විමසීමේ දිනය 2020 අප්‍රේල් 30 වන දිනය පසු වී දින 14කට පසු දිනයක් නියම කර ඇති අතර එම දිනයෙන් පසු නිකුත් කරන ගැසට් නිවේදනයක් මඟින් එම දිනය ප්‍රසිද්ධ කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයේ සඳහන් වෙයි.
පාර්ලිමේන්තු මැතිවරණය සදහා දිනයක් නියම නොකර එය කල් තබා ඇත. එම දිනය අනිවාර්යයෙන්ම 2020 මැයි මස 14 දිනයෙන් ඔබ්බෙහි වූ දිනයක් වනු ඇත
කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ හේතුවෙන් එම රෝගය පැතිරීම වැලැක්වීමේ පියවරක් ලෙස මැතිවරණ කොමිෂම විසින් මැතිවරණය කල් දැමීමට්ට තීරණය කළේ ය.