මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධීවර සංස්ථාවෙන් රජයට කිසිදු පාඩුවක් නෑ

    අගෝස්තු 07, 2014

    ධීවර සංස්ථාව සංවර්ධනය කිරීමට කිසිදු මුදලක් රජයෙන් ලබාගෙන නොමැති බවත් එය සංවර්ධනය වූයේ සංස්ථාවේ ම ලාභයෙන් ලැබූ මුදලින් බවත්, ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (07) පස්වරුවේදී ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේදී පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.මෙහිදී අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ තමා අමාත්‍යාංශය භාර ගන්නා අවධිය වන විට මිලියන ගණන් අලාභ ලැබූ ධීවර සංස්ථාව දැන් වඩාත් ලාබ ලබන සංස්ථාවක් බවට පත්ව ඇති බවයි.

     

    2010 වසරේදී ශාන්තිකර සාගරය හා අත්ලාන්තික් සාගරය වෙනුවෙන් යුරෝපා සංගමය කෝටා ක්‍රමයක් පැනවීමට පියවර ගත්තා. ඊට විරුද්ධ ව තමා තදින්ම ක්‍රියා කළ බව පෙන්වා දුන් අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ ඉන්දියන් සාගරයේ ධීවර කටයුතු සිදු කරන රටවල් මේ වෙලාවේ කිසිවෙක් මීට විරුද්ධ ව කටයුතු කළේ නෑ. ඔවුන්ට යුරෝපා වෙළෙඳපොළ අහිමි වේ යන බිය නිසා. නමුත් තමා ඉන්දියන් සාගරයේ ධීවර කටයුතු සිදු කරන රටවල් සමඟ එකතු වී මේ පිළිබඳ ව විරුද්ධත්වය ප්‍රකාශ කළා. යුරෝපා සංගමයේ යෝජනාව පරාජය කළා. එම කෝටා ක්‍රමය ක්‍රියාත්මක වූයේ නම් ඉන්දියන් සාගරයේ 48%ක මාළු ලබා ගන්නා යුරෝපා සංගමයට වඩාත් වාසි දායක වන බව එහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    මින් ඉදිරියට නවීන තාක්ෂණය ධීවර කර්මාන්තයට වැඩි වැඩියෙන් එක් තැන්වීම සිදු වන බැවින් කිසිදු පුද්ගලයෙකුට මසුන් ඇල්ලීම සඳහා අපේ කලාපයට ඇතුළු වීමට නොහැකි වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ දැනට මෙරට සාගර කලාපයට ඇතුළු වූ නීති විරෝධි ඉන්දියානු ධීවර යාත්‍රා 94ක් රාජසන්තක කර ඇති බවයි. මෙම යාත්‍රා හිමි ධීවරයින් සියල්ල නිදහස් කර ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.


    ධීවර රක්ෂණ ක්‍රම පිළිබඳව මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ, දැනට ධීවරයින් වෙනුවෙන් රක්ෂණ ක්‍රම ආරම්භ කිරීමට වැඩිම වරප්‍රසාද සමඟ ඉදිරිපත් වී ඇත්තේ සෙලින්කෝ රක්ෂණ සමාගම වන බවත්, වෙනත් කිසිදු රක්ෂණ සමාගමක් මෙතරම් වරප්‍රසාද ධීවරයින් වෙනුවෙන් ලබාදීමට ඉදිරිපත් නො වූ බැවින් සෙලින්කෝ රක්ෂණ සමාගම ඒ වෙනුවෙන් තෝරා ගැනීම සිදු කරන ලද බවත් අමාත්‍යවරයා පැවසීය. මොවුන් විසින් ධීවරයෙකුගේ මරණය මුහුදේ දී හෝ ගොඩබිමේදී හෝ සිදු වුවහොත් රක්ෂණ වාරික ලබාදීමට ඉදිරිපත් වීම ම සුවිශේෂි වන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
     

    බෝට්ටු රක්ෂණ ක්‍රමය ද සෙලින්කෝ රක්ෂණ සමාගම වෙත භාර දුන් බව පැවසූ අමාත්‍යවරයා පැවසුවේ, මුලින් ක්‍රියාත්මක වූයේ ධීවර යාත්‍රාවක් සම්පූර්ණයෙන් විනාශ වුවහොත් පමණක් රක්ෂණ වරප්‍රසාද ලබාදීමයි. එසේ නමුත් සෙලින්කෝ රක්ෂණ සමාගම මගින් අර්ධ වශයෙන් හානි වූ ධීවර යාත්‍රා පවා රක්ෂණය කිරීම හේතුවෙන් දැන් ධීවර යාත්‍රා 11,000ක් පමණ රක්ෂණය කර ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එමෙන් ම ධීවරයින් සඳහා මේ වන විට ආත්මාරක්ෂක ධීවර ජැකෙට්ටුව පාවිච්චි කිරීම අනිවාර්යය කර ඇති බවද  අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya