මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සහෝදර පක්ෂ මැතිවරණ ක්‍රමයට අභියෝග එල්ල කළා

    අගෝස්තු 07, 2014

    සහෝදර දේශපාලන පක්ෂ ඌව පළාත් සභා මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් වුයේ සමස්ත මැතිවරණ ක්‍රමයට අභියෝග එල්ල කරමින් බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ භාණ්ඩාගාරික, යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (07) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

     

    මීට පෙර අවස්ථාවන්වලදී ද මැතිවරණයට අභියෝගය එල්ල වු බවත් එහෙත් කිසි විටෙක මැතිවරණ ක්‍රමයට අභියෝග කිරීමට කිසිවෙක් කටයුතු නොකළ බවත් පෙන්වා දුන් අලහප්පෙරුම මහතා ආසන වෙන් කිරීමේ කටයුත්තේ දී මැතිවරණ කොමසාරිස්වරයා ආණ්ඩුවට වාසිවන ආකාරයෙන් කටයුතු කළ බවට චෝදනා එල්ල කළ බවත් පෙන්වා දුන්නේය.

     

    මෙවැනි ක්‍රියා ජන මනස විකෘති කිරීමේ නාස්තිකවාදී උත්සාහයන්. මැතිවරණ පරීක්ෂණ කණ්ඩායම් ද මේ ප්‍රශ්නයේ දී නිහඬව සිටියා. නමුත් පැහැදිලි ව ඔප්පු වුණා මැතිවරණ කොමසාරිවරයා අගතියක් සිදු කොට නොමැති බව.

     

    පසුගිය වසර 20කට අධික කාලයේ ලංකාවේ දේශපාලන, සංස්කෘතික, සංවර්ධන කටයුතු ඇතුළු සියලු දේ වෙනස් වුණා. වෙනස් නොවුණු එකම දෙයක් පමණයි. ඒ විපක්ෂ නායකකම පමණයි. ඒ වාර්තාව රැකගන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

     

    600කට අධික ඡන්ද අපේක්ෂකයන් ප්‍රමාණයක් මෙවර ඌව පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වී ඇති බවත් මන්ත්‍රීවරුන් ලෙසින් පත්වීමට අවස්ථාව හිමිවන්නේ අපේක්ෂකයන් 32ක් වැනි සුළු පිරිසකට බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    DB/map

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya