මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සුළු ජාතීන් නියෝජනයට අවස්ථාව දුන්නා

    අගෝස්තු 07, 2014

    නාමයෝජනා භාරදීමේ කටයුත්තේ දී 27%ක් පමණ වන දමිළ ජනතාවටත්, මුස්ලිම් ජනතාවටත් සුළු ජාතීන් නියෝජනය කිරීමේ අවස්ථාව ලබා දුන් බව වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (07) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

     

    බදුල්ල දිස්ත්‍රික්කය සඳහා මන්ත්‍රී ධූර 03ක් අහිමිවීම නවක අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට බාධාවක් වු බවත් නවකයින් කිහිපදෙනෙක් පමණක් ඉදිරිපත් කිරීමට කටයුතු කළ බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා මුස්ලිම් ජනතාවට අවස්ථාව ලබාදීමට අවශ්‍ය වු බැවින් සන්ධානය සමඟ නො ව ඔවුන්ට වෙනම ඡන්දය සඳහා ඉදිරිපත් වීමට අවස්ථාව ලබාදුන් බවත් පෙන්වා දුන්නේය.

     

    යම් පක්ෂ එක් දිස්ත්‍රික්කයක් සඳහා සන්ධානය සමඟ ද අනෙක් දිස්ත්‍රික්කය සඳහා තනිව ද තරග කිරීමට කටයුතු කරන බවත් කී නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙවැනි දෙයක් සිදුවන ප්‍රථම අවස්ථාව මෙය නොවන බවත් පසුගිය නැගෙනහිර පළාත් සභා මැතිවරණය අවස්ථාවේ දී මෙවැන්නක් සිදු වු බවත් කීය.

     

    රට තුළ සිදුවන දැවැන්ත සංවර්ධන ක්‍රියාවලියත්, සාමය උදාකර දීමත් හරහා ජනතාව තුළ ඇති ප්‍රසාදය නිසා මැතිවරණ ජයග්‍රහණය කාලයක් තිස්සේ බලාපොරොත්තුවෙන් පසුවන්නක් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    DB/map

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya