මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙවරත් සාධාරණ මැතිවරණයකට කැපවෙනවා

    අගෝස්තු 07, 2014

    පසුගිය මැතිවරණවලදී මෙන් ම මෙවර ඌව පළාත් සභා මැතිවරණයේ දී ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානය සාධාරණ මෙන් ම යුක්තිගරුක මැතිවරණයකට කැපවෙන බව සෞඛ්‍ය අමාත්‍ය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (07) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

     

    ඡන්ද දායකයාගේ නිදහස තහවුරු කිරීමේ වගකීම රජයට පැවරෙන බව පෙන්වා දුන් ඒ මහතා වසරක 10ක් වැනි කාලයක රට තුළ සංවර්ධන මෙන් ම දේශපාලන වශයෙන් ද වෙනස්කම් රැසක් සිදු ව ඇති බවත් පෙන්වා දුන්නේය.

     

    "යුද්ධය අවසන් කර සාමය ඇති කිරීමේ ඓතිහාසික අවස්ථාව වගේ ම ඉන් පසුව රට තුළ වෙනස්කම් රාශියක් ඇති වී තිබෙන බව කාටත් පැහැදිලි කරුණක්. ලංකාව සාමය පැහැදිලිව ඇති රටක් මෙන් ම දේශපාලන ස්ථාවරත්වයක් ඇති රටක්. ත්‍රස්තවාදයෙන් නිදහස් වී‍මෙන් පසු මහා පරිමාණ, මධ්‍ය පරිමාණයේ හා සුළු පරිමාණයේ වගේ ම ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනයත් විශාල වශයෙන් සිදු කොට තිබෙනවා. රට සංවර්ධනය කිරීමේ කාර්යයේ දී මහින්ද රාජපක්ෂ යුගය මේ රටේ අනෙකුත් සියලු යුගවලට වඩා ඉදිරියෙන් සිටිනවා".

     

    පසුගිය වර්ෂ කිහිපයක තුළ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ පාර්ලිමේන්තු, පළාත් පාලන මෙන් ම පළාත් සභා මැතිවරණ ජයග්‍රහණය කරමින් වාර්තා පිහිටුවා ඇති බවත් මෙහිදී අමාත්‍යවරයා පැවසීය.

    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya