මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඌව මැතිවරණයට අපේක්ෂකයන් 617ක් Featured

    අගෝස්තු 07, 2014
    2014 ඌව පළාත් සභා මැතිවරණය වෙනුවෙන් අපේක්ෂකයන් 617ක් නාමයෝජනා භාර දී ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයට අපේක්ෂකයන් 294ක් හා මොනරාගල දිස්ත්‍රික්කය වෙනුවෙන් අපේක්ෂකයන් 323ක් වශයෙනි.
     
    ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් පිළිගත් දේශපාලන පක්ෂ හරහා අපේක්ෂකයන් 210ක් හා ස්වාධීන කණ්ඩායම් හරහා අපේක්ෂකයන් 84ක් වශයෙන් හා මොනරාගල දිස්ත්‍රික්කය සඳහා පිළිගත් දේශපාලන පක්ෂ නියෝජනය කරමින් අපේකෂකයන් 204ක් ද ස්වාධීන කණ්ඩායම් නියෝජනය කරමින් අපේක්ෂකයන් 119ක් වශයෙන් නාමයෝජනා භාර දී ඇත. 
     
    බදුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් පිළිගත් දේශපාලන පක්ෂ 10ක් සමඟින් ස්වාධීන කණ්ඩායම් 04ක් ද, මොනරාගල දිස්ත්‍රික්කය වෙනුවෙන් පිළිගත් දේශපාලන පක්ෂ 12ක් සමඟින් ස්වාධීන කණ්ඩායම් 07ක් නාමයෝජනා භාර දී ඇති අතර එකදු නාමයෝජනාවක් හෝ ප්‍රතික්ෂේප වී නොමැත.
     
    ජූලි මස 11 වන දින මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි විසුරුවා හැරි ඌව පළාත් සභාවට ජනතා නියෝජිතයින් තෝරා ගැනීමට අදාළව නාමයෝජනා බාරගැනීම ඊයේ (06) දහවල් 12.00 න් අවසන් විය. ජුනි මස 30 වැනි දින නාම යෝජනා කැඳවීම ආරම්භ වුණි. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya