නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංශෝධිත තැපැල් ගාස්තු අද සිට ක්‍රියාත්මකයි Featured

    අගෝස්තු 07, 2014
    තැපැල් ගාස්තු සංශෝධනය කිරීමට රජය පියවර ගත් අතර සංශෝධිත තැපැල් ගාස්තු අද (07) සිට ක්‍රියාත්මක කෙරේ.
     
    තැපැල් ගාස්තු සංශෝධනය පිළිබඳ ව ජනතාව දැනුවත් කිරීම සඳහා සතියක කාලයක් අදාළ තැපැල් ගාස්තු සංශෝධනය කිරීම ප්‍රමාද කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු කළේය.
     
    තැපැල් දෙපාර්තමේන්තුව පවත්වාගෙන යාම සඳහා වැය කරන පිරිවැය හැකිතාක් දුරට ආවරණය කර ගැනීමේ අරමුණින් තැපැල් දෙපාර්තමේන්තුව විසින් තැපැල් ගාස්තු සංශෝධනය කරනු ලැබීමට පියවර ගෙන ඇත.
     
    රට තුළ ප්‍රවාහන ගාස්තු, ඉන්ධන මිල, ගොඩනැගිලි කුලී, ලිපි ද්‍රව්‍ය, භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඇතුළු ව සේවක පඩිනඩි දීමනා කාලානුරූපව වැඩිවී තිබීම හේතුවෙන් රජයට වැය බරක් නොවන අයුරින් තැපැල් සේවාව පවත්වාගන යාම සහ විශ්ව තැපැල් සංගමයේ මාර්ගෝපදේශ තැපැල් ගාස්තු සැලකිල්ලට ගනිමින් මෙම ගාස්තු සංශෝධනය කොට ඇත. 
     
    තැපැල් දෙපාර්තමේන්තුව මහජනතාවට සලකන සාමාන්‍ය තැපැල් සේවාවන් හා ඊට අතර වශයෙන් එකතු කළ සේවාවන් සඳහා ද තැපැල් ගාස්තු හඳුන්වා දී ඇත.ඒ අනුව මෙතෙක් ක්‍රියාත්මක කළ දේශීය අධිවේගී තැපෑල සහ 4 Our Express සේවාවන් සඳහා වු ගාස්තු ක්‍රම නව සංශෝධන සමග අවලංගු කරන අතර ස්පීඩ් පෝස්ට් කුරියර් සේවාව හා ලොජ් පෝස්ට් සේවාවන් දේශීය අධිවේගි සේවාවන් වශයෙන් ක්‍රියාත්මක කෙරේ.
     
    පාර්සල් ස්ථාවර ගාස්තු, වටිනාකම් ගෙවා භාර ගන්නා පාර්සල් ස්ථාවර ගාස්තු සහ ප්‍රමාද ගාස්තු මෙම සංශෝධනය සමග ඉවත් කෙරේ. 
     
    සාමාන්‍ය ලිපියක හා මුද්‍රිත පැකට්ටු සඳහා මෙතෙක් අනුගමනය කළ අවම බර ප්‍රමාණය ග්‍රෑම් 30 කොටස් වෙනුවට අවම බර ග්‍රෑම් 20 දක්වාත් වෙනස් කර ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya