මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලංකා සතොස ආදායම ඉහළ නගී

    අගෝස්තු 07, 2014

    ලංකා සතොස මේ වසරේ පසුගිය මාස හය තුළ විකුණුම් ආදායම රුපියල් කෝටි 1528ක් වැනි ඉහළ අගයක් ගෙන ඇති බව සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

    ලංකා සතොස මගින් ගුණාත්මක බවින් ඉහළ භාණ්ඩ වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමත්, අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල තීරණය කරනු ලබන ආයතනයක් ලෙස කටයුතු කිරීමත් හේතුවෙන් ලංකා සතොස පාරිභෝගික ජනතාව අතර වඩාත් ජනප්‍රියත්වයක් ගෙන ඇත. දැනට දිවයින පුරා ලංකා සතොස මධ්‍යස්ථාන 300ක් ඇති අතර, ලංකා සතොස වෙත ඇදී එන පාරිභෝගිකයන් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    සහල්, පරිප්පු, පාන්පිටි, සීනි , කවුපි, මුංඇට, කිරිපිටි, හැල්මැස්සන්, ටින් මාළු, අර්තාපල්, කඩල, වියලි මිරිස්, වැනි අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පෞද්ගලික වෙළෙඳපොළේ විවිධ මිලගණන්වලට අලෙවි කරද්දී ලංකා සතොස පාරිභෝගිකයාට සහන මිලට මේවා අලෙවි කරනු ලබන බවද අමාත්‍යවරයා පැවසීය.

    පාරිභෝගිකයාට හිඟයකින් තොරව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කර දීම පවා ලක් සතොස මගින් සිදුකරයි. උත්සව සමයේ දී සතොස වෙළෙඳපොළ භාණ්ඩ මිල තීරකයා ලෙස කටයුතු කරන බැවින් පෞද්ගලික වෙළෙඳුන්ට හිතුමතේ මිල ගණන් නියම කිරීම තුළින් පාරිභෝගිකයා ගසාකෑමට නොහැකි වී ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya