අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම් 17,000 දක්වා ඉහළ නගී Featured

    අගෝස්තු 06, 2014


    පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ මේ වසර තුළ ක්‍රියාත්මක කරන ලද වැටලීම් ප්‍රමාණය 17,000 දක්වා ඉහළ ගොස් ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.

    ඒ අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් කරන ලද වැටලීම්වලට අනුව මේ වන විට 14,000ක ට ආසන්න වෙළෙඳුන් ප්‍රමාණයකට නඩු පවරා ඇති  අතර, දඩ මුදල් ලෙස රුපියල් මිලියන 40,000කට ආසන්න ප්‍රමාණයක් හිමි කර ගෙන ඇති බව නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පැවසීය.

    මේ දිනවල විශේෂයෙන් ම පාසල්, රාජ්‍ය මෙන් ම පුද්ගලික අංශයේ ආපන ශාලාවල විශේෂ වැටලීමක් සිදු කරන බව පෙන්වා දුන් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා තවදුරටත් පැවසුවේ ඒ යටතේ දැනට මුළු දිවයින ම ආවරණය වන පරිදි ආපන ශාලා 1500ක් පරීක්ෂාවට ලක් කරන ලද බවයි.

    පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය අලෙවි කරන, මිල ප්‍රදර්ශනය නොකර, වැඩි මිල ගණන්වලට ආහාර ද්‍රව්‍ය අලෙවි කරන වංචා සහගත කටයුතුවල නිරත වෙළෙඳුන් සොයා පාරිභෝගික සේවා අධිකාරිය නිරන්තරයෙන් ම වැටලීම් සිදු කරන බවත්, ඒ අනුව මහජනතාවට වඩාත් හොඳ සේවාවක් ලබාදීමේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වගකීම නොපිරිහෙළා ඉටුකිරීමට පරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නොපැකිළිව ක්‍රියා කරන බවත් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya