අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “ඉ-ස්වාභිමානී 2014” සම්මාන ප්‍රදානය සඳහා නාම යෝජනා බාර ගැනේ

    අගෝස්තු 06, 2014

    ඉ-ස්වාභිමානී 2014, ඉ-සමාජ විශිෂ්ටතා සම්මාන ප්‍රදානය සඳහා නාමයෝජනා බාර ගැනීම ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය පවසයි.

    ඉ-රාජ්‍ය හා ආයතනයන්, ඉ-අධ්‍යාපන හා ඉගෙනුම්, ඉ-සංස්කෘතිය හා උරුමයන්, ඉ-වාණිජ හා ව්‍යාපාර, ඉ-සෞඛ්‍ය හා පරිසරය, ඉ- විනෝදාංග හා ක්‍රීඩා, ඉ-විද්‍යා හා තාක්ෂණ, ඉ-අන්තර්ග්‍රහණය හා සහභාගිත්වය, ජංගම අන්තර්ගතයන් ( m -අන්තර්ගතයන්) යන ක්‍ෂේත්‍ර යටතේ යෙදවුම් හා අන්තර්ගතයන් ඉදිරිපත් කළ යුතු වේ.


    මෙම සම්මාන ප්‍රදානය මෙවර පවත්වන්නේ පස් වන වරට වන බවත් නිර්මාණශීලී තොරතුරු තාක්‍ෂණ අන්තර්ගතයන් හා යෙදවුම් ජාතික මට්ටමින් ඇගයීමට ලක් කිරීම මෙම සම්මාන ප්‍රදානයේ අරමුණ බවත් නියෝජිතායතනය පවසයි.මෙම සම්මාන ප්‍රදානයට පාත්‍ර වන නිර්මාණකරුවන්ට ජාත්‍යන්තර වශයෙන් පැවැත්වෙන විශ්ව සමුළු සම්මාන ප්‍රදානෝත්සවය නියෝජනය කිරීමේ අවස්ථාවද උදාවන බව නියෝජිතායතනය සඳහන් කරනයි.

    නිර්මාණ සඳහා නාමයෝජනා ඉදිරිපත් කිරීම මේ මස 25 වනදායින් අවසන් වේ.‍www.eswabhimani.lk වෙබ් අඩවියට පිවිසීමෙන් මේ පිළිබඳ වැඩිදුර විස්තර ලබා ගත හැකිවේ. 
     
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya