අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක රබර් වෙළෙඳපොළේ මිල පහත වැටීමේ බලපෑම ශ්‍රී ලංකාවටත් Featured

    අගෝස්තු 06, 2014

    ලෝක වෙළෙඳපොළ තුළ රබර් මිල පහත වැටීම ශ්‍රී ලංකාවේද රබර් මිල යම් තරමකට පහත වැටීමට මේ දිනවල හේතු වී ඇති බව රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ සැලසුම් අධ්‍යක්ෂ එම්.ඩී.ආර්. වීරසිංහ මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.

    රට තුළ දේශීය රබර් මිල ගණන් මේ වන විට රුපියල් 269.00 -244.00 වැනි සාමාන්‍ය මිල මට්ටමක පවතී. මෙය සාමාන්‍ය තත්ත්වයක් වන අතර, එය දිගු කාලීන රබර් මිල ගණන් පහළ යාමකට කිසිසේත් ම තුඩු ‍දෙන කරුණක් නොවනු ඇති බව සැලසුම් අධ්‍යක්ෂවරයා පැවසීය.

    විශේෂයෙන් මේ වන විට තායිලන්තය වැනි රටවල් තම ගබඩාගත රබර් තොග වෙළෙඳපොළට මුදා හැරීමත් සමඟ වෙළෙඳපොළ රබර් මිල ගණන් පහත වැටීමක් සිදුව ඇති බව පෙන්වා දුන් සැලසුම් අධ්‍යක්ෂවරයා තවදුරටත් පැවසුවේ, රබර් මිල සඳහා ද සහතික මිලක් නියම කිරීම කෙරෙහි ද රජයේ අවධානය යොමුව ඇති බවයි.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya