මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නියඟයෙන් ආපදාවට පත් ගණන 1150728ක් Featured

    අගෝස්තු 05, 2014

    පළාත් කිහිපයකට බල පා ඇති නියඟය නිසා ඊයේ (04) පස්වරුව වනවිට පුද්ගලයින් 1150728ක් විපතට පත් ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.


    නියඟය, නායයෑම්, දැඩි සුළඟ හා දැඩි වර්ෂාව නිසා මේ වනවිට දිවයිනේ පවුල් 323483ක පුද්ගලයින් 1151030ක් ආපදාවට පත් ව සිටිති. නිවාස 3ක් සම්පූර්ණයෙන් ද නිවාස 63ක් අර්ධ වශයෙන් ද හානියට පත් ව ඇත.


    ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කයේ පවුල් 32039ක පුද්ගලයින් 128193ක් ද උතුරු මැද පළාතේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පවුල් 45274ක පුද්ගලයින් 147439 දෙනෙකු ද ආපදාවට පත් ව සිටී.


    නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ පවුල් 10180ක පුද්ගලයින් 31278ක් ද මඩකළපුව දිස්ත්‍රික්කයේ පවුල් 32733ක පුද්ගලයින් 117540 දෙනෙකු ද ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පවුල් 20388ක පුද්ගලයින් 90264 දෙනෙකු ද ආපදාවට පත් ව සිටී.


    වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පවුල් 139664ක පුද්ගලයින් 473125 දෙනෙකු ද දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් 26584ක පුද්ගලයින් 106420 දෙනෙකු ද ආපදාවට පත් ව සිටී.


    උතුරු පළාතේ මුලතිව් දිස්ත්‍රික්කයේ පවුල් 16576ක පුද්ගලයින් 56469 දෙනෙකු ද ආපදාවට පත් ව සිටී.


    මීට අමතරව දැඩි සුළං නිසා බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම පවුල් 53ක 245 දෙනෙකු ද කළුතර දිස්ත්‍රික්කයේ හොරණ පවුල් 5ක පුද්ගලයින් 21 දෙනෙකු ද විපතට පත් ව සිටී.


    නායයෑම් නිසා නුවරඑළියේ පවුල් 5ක පුද්ගලයින් 27 දෙනෙකු ද දැඩි සුළඟ හා දැඩි වර්ෂාව නිසා කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල පුද්ගලයින් 5 දෙනෙකු ද කෑගල්ලේ පුද්ගලයින් 4 දෙනෙකු ද විපතට පත් ව ඇත.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya