මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආසියානු ෆැසිපික් කලාපීය කමිටුවේ 13 වැනි සැසිවාරය කොළඹ දී

    අගෝස්තු 04, 2014

    උසස් අධ්‍යාපනයේ ගුණාත්මක බව ඉහළ නැංවීමේ අරමුණෙන් සංවිධානය කරන ආසියානු ෆැසිපික් කලාපීය කමිටුවේ 13 වැනි සැසිවාරය අද (04) හා හෙට (05) කොළඹ ගලධාරි හෝටලයේදී පැවැත්වේ.


    යුනෙස්කෝ සංවිධානය විසින් කලාපීය රටවල වෙසෙන ශිෂ්‍යයන්ට හා අධ්‍යාපන වෘත්තිකයන්ට තම රටින් බැහැර ව වෙනත් රටවලට ගොස් නිදහසේ අධ්‍යාපන කටයුතුවල නිරතවීමට අවස්ථාව සලසාදීම සඳහා මේ සමුළුව පවත්වනු ඇත.

     

    ආසියානු ෆැසිපික් කලාපීය රටවල පවතින උපාධි, ඩිප්ලෝමා හා අනෙකුත් සහතිකපත් හැකිතාක් පුළුල් ලෙස පිළිගැනීමකට ලක්කිරීම හා මේ රටවල් අතර පවතින සංස්කෘතික, සමාජීය, දේශපාලන, ආගමික හා ආර්ථික වටපිටාවන් පිළිගැනීමකට ලක් කිරීම මේ සමුළුව පැවැත්වීමේ අරමුණු වේ.

     

    යුනෙස්කෝ ආයතනය, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව හා ඕස්ට්‍රේලියානු රජයේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව මේ සඳහා මූල්‍ය හා සම්පත් දායකත්වය සපයනු ඇත.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya