මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විරු දන ගී සර - 6 නෙලුම් පොකුණේදී විකසිත විය Featured

    අගෝස්තු 03, 2014

    රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය විසින් සංවිධානය කරනු ලැබූ විරු දන ගී සර - 6 ප්‍රසංගය ඊයේ (02) නෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රංගශාලාවේදී අති උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදී.


    මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණි ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණිය පිළිගනු ලැබුවේ ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී අයෝමා රාජපක්ෂ මහත්මිය විසිනි.

     

    පසුගිය යුද සමයේදී රට දැය වෙනුවෙන් සිය ජීවිත පූජා කළ හා විවිධ ආබාධවලට පත් වූ රණ විරුවන්ගේ හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු වැඩිදියුණු කිරීම සඳහා ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය විසින් ආරම්භ කරන ලද ව්‍යාපෘතියෙහි අරමුදල් තරකිරීම සඳහා එම අමාත්‍යාංශය විසින් මෙම විරු දන ගී ප්‍රසංගය සංවිධානය කරන ලදී.

     

    ඒ අනුව ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ‍යේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් අභිමංසල, මිහිඳු සෙත් මැඳුර, රණ විරු සෙවණ හා අපි වෙනුවෙන් අපි ව්‍යාපෘතිය ආදී වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කර ඇත.

     

    දිවයිනේ ඉතා ජනප්‍රිය හා ප්‍රවීණ ගායක ගායිකාවන් රැසකගේ දායකත්වයෙන් මේ ප්‍රසංගය වර්ණවත් විය. ඇනස්ලි මාලේවන, එඩ්වඩ් ජයකොඩි, භාතිය සංතුෂ්, රොඩ්නි වර්ණකුල, බන්දුල විජේවීර සහ රණ විරු රියල් ස්ටාර් තරගවල සිටි ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් හා ආබාධිත තත්ත්වයට පත් රණ විරුවන් විසින් ගීත ගායනා කරන ලදී. මෙම අවස්ථාව දිවයිනේ ඉතා ජනප්‍රිය නර්තන කණ්ඩායම්වල නර්තනයන්ගෙන් හා ත්‍රිවිධ හමුදා සංස්කෘතික කණ්ඩායමේ විශේෂාංගයන්ගෙන් ද වර්ණවත් විය.

     

    මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ, පොලිස්පති එන්.කේ. ඉලංගකෝන්, සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් ආනන්ද පීරිස්, ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය, ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ උප සභාපතිනී ඉන්දු රත්නායක යන මහත්ම මහත්මීහු ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරුන්, ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු රැසක් සහභාගී වූහ.

    NDH/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya