මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට නෙදර්ලන්තයේ ව්‍යවසායකයන් කැමැත්තෙන් සිටිනවා-නෙදර්ලන්තයේ විදේශ අමාත්‍ය

    ඔක්තෝබර් 21, 2019

    ප්‍රජාතන්ත්‍රවාදී හරයයන් සහ අගයයන් ආරක්‍ෂා කරමින්, මානව නිදහස හා අයිතිවාසිකම් ඉහළට ඔසවා තබමින් ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය යළි තහවුරු කරලීම සඳහා ගත් කැපවීම අගය කරන බවත්, දිනාගත් ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ආරක්‍ෂා කරලීමේ අභියෝගයට ශ්‍රී ලාංකේය ජනතාව සාර්ථකව මුහුණ දෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් නෙදර්ලන්ත විදේශ අමාත්‍ය ස්ටෙපාන් ඒබ්‍රහම් බ්ලොක් (Hon Stephanus Abraham Blok) මහතා පැවසීය.

    අරලියගහ මන්දිරයේ දී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අවස්ථාවේ බ්ලොක් මහතා තවදුරටත් පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට තම රටේ ව්‍යවසායකයන් කැමැත්තෙන් සිටින බවය.


    දෙරට අතර පවතින සබඳතා පදනම් කර ගනිමින් විවිධ ක්ෂේත්‍රයන් තුළ සහයෝගීතාව වර්ධනය කරලීමේ අවකාශයන් පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අදහස් පළ කළේය. නෙදර්ලන්ත ආයෝජන ඔස්සේ මෙරට ක්‍රියාත්මක වන විවිධ ව්‍යාපෘති සම්බන්ධයෙන් ද, වත්මන් ගෝලීය දේශපාලන හා ආර්ථික ප්‍රවණතා පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා සහ නෙදර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් ද එක්වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya